මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නිරත වන ශිල්පීන් 500 දෙනෙකුට බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාලයකට අනුබද්ධව පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබේ.
කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා ඒ බව ප්‍රකාශ කළේය.
එම පාඨමාලා වටිනාකම රුපියල් ලක්ෂ 1,005ක් බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
Cambridge and oxford members club හි රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නිරතවන නියෝජිතයින් සමග පැවැත්වූ සාකච්ඡාවකින් පසුව රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවසීය.
ඒ අනුව මෙරට රූපලාවණ්‍ය ශිල්පීන් හට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට අදාළ අංශ 4ක් ඔස්සේ පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථාව හිමිවෙයි.
පාඨමාලාව සම්පූර්ණ කරන රූපලාවණ්‍ය ශිල්පීන් හට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සහතික පත්‍රයක් හිමිවනු ඇත.
මෙහිදී අදාළ පාඨමාලා බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල ගුරුවරුන් විසින් මෙහෙයවනු ලබන අතර පාඨමාලාව හදාරන පිරිසට මව්බසින් සහාය ලබාගැනීම සඳහා ද අවස්ථාව උදා වනු ඇත.