Aug
26

විවේචන නො සලකා හරිමු

 
586 Views
   
 

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධාන ආර්ථික විශේෂඥයා වන ජී. ගෝපිනාත් කො විඩ් වසංගතයේ බලපෑම හා ආර්ථිකය වසා දැමීම පිළිබඳ ඉතා වැදගත් විග්‍රහයක් ඉදිරිපත් කර තිබේ. ඒ විග්‍රහයට අනුව රටවල් වසා දැමීම නිසා ඇති වන ආර්ථික බලපෑම තවත් වසර ගණනාවක් පවතිනු ඇත. මේ සඳහා වහා විසඳුම් සපයා ගැනීමට අපොහොසත් වුව හොත් ලෝක ආර්ථිකය අතිශය ශෝචනීය තත්ත්වයකට ඇද වැටීම නො වැ ළැ ක් වි ය හැකි බව ද ගෝපිනාත් මහතා පෙන්වා දෙයි. මේ තත්ත්වය හොඳින් වටහා ගත් ධනවත් රටවල් රටවල් වසා දැමීම අවම කිරීමට පියවර ගනිමින් සිටී. ශ්‍රී ලංකාව වැනි දිළිඳු රටවල් මේ ගැන වඩාත් ගැඹුරින් කල්පනා කළ යුතුව තිබේ.

අද අප මුහුණ දෙන ආර්ථික අර්බුදයේ කැපී පෙනෙන ලක්ෂණ කිහිපයක් ඇත. ජාතික නිෂ්පාදනය පහත වැටීම හා ආදායම් මාර්ග අහිවි වීම ඒ අතර ප්‍රධාන වෙයි. ව්‍යාපාර බිඳ වැටීම හා කර්මාන්ත වැසී යෑම අර්බුදයේ තවත් ලක්ෂණයකි. වෙළෙඳපොළ ආර්ථිකය පවතින්නේ ව්‍යාපාර, කර්මාන්ත හා සේවා සැපයීම මතය. මේ අංශ තුනම අද අර්බුදයට ලක් වී ඇත. ගුවන් සේවා අඩාළ වීම හා සංචාරක කර්මාන්තය දුර්වල වීම ඊට දැක්විය හැකි හොඳම නිදසුනකි. ගුවන් සේවා පවත්වා ගෙන යන දැවැන්ත සමාගම්වලට 2020 දී අධික පාඩුවක් ලබන්න සිදු විය. සංචාරක කර්මාන්තයේ පිරිහීම නිසා හෝටල් කර්මාන්තයේ විශාල පසුබෑමක් හට ගැනිණි. මේවා යථා තත්ත්වයට නො ගත හොත් 1930 ආර්ථික අර්බුදයට වඩා බරපතළ තත්ත්වයක් උද්ගත විය හැකිය.

2022 වන විට අමෙරිකාවේ රැකියා වියුක්තිය 10.4%ක් වනු ඇතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල පුරෝකථනය කර තිබේ. ඉතාලිය, කැනඩාව, ජර්මනිය, එංගලන්තය, ජපානය, ඔස්ට්‍රේලියාව යන දියුණු රටවල් ද අඩු වැඩි වශයෙන් මේ තත්ත්වයට මුහුණ දෙනු ඇත. 2020 ඉතාලියේ රැකියා වියුක්තිය 11%ක් ලෙස සටහන් වී ඇත. කැනඩාවේ රැකියා වියුක්තිය 9.7%ක් ලෙස ද ප්‍රංසයේ රැකියා වියුක්තිය 8.9%ක් ලෙස ද සටහන් වී ඇත. මෙය දිළිඳු රටවලට ඉතා අ හිතකර ලෙස බලපායි. මන්ද යත්: දිළිඳු රටවල විශාල පිරිසක් දියුණු රටවල රැකියාවල නියුක්ත වන බැවිනි. ඉදිරියේදී ඒ අවස්ථා අ හිමි වීමට ඇති ඉඩ ප්‍රස්තා වැඩිය. ශ්‍රී ලංකාවේ වත්මන් ශ්‍රම හමුදාව ලක්ෂ අසූවකට මඳක් වැඩිය. මෙයින් ලක්ෂ පහළොවක් පමණ රාජ්‍ය සේවයෙහි නි රත වෙති. තවත් පිරිසක් පෞද්ගලික ආයතනවල සේවය කරති. ඉතිරි සියලු දෙනා වෙළෙඳපොළ මූලික කර ගත් අවිධිමත් රැකියාවල නිරත වෙති. ඔවුහු දෛනික වශයෙන් ආදායම් උපයති. වෙළෙඳපොළ කේන්ද්‍ර කොට එම ආදායම් මාර්ග නිර්මාණය වී ඇත. රජයට කිසිදු බරක් නැ ති මේ පිරිසගේ ආදායම් මාර්ග අ හිමි වුව හොත් ඔවුන් ජීවත් කරවීමේ වගකීම රජයට භාර ගන්න සිදු වේ. ශ්‍රී ලංකාවේ දිළිඳු ආර්ථිකයට එය කිසිසේත්ම ඔරොත්තු නො දෙන තත්ත්වයකි. ආදායම් මාර්ග අහිමි වන ජන කණ්ඩායම් වෙත මුදල් ආධාර දිය හැක්කේ සුළු කාලයකට පමණි. අ වාසනාවකට මෙන් රට වසා දමනු යනුවෙන් වි රෝ ධ තා දක්වන අයට රටේ ආර්ථිකය ගැන වැටහීමක් නැ ත.

මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප කො විඩ් අරමුදලට බැර කිරීමෙන් හෝ කැබිනට් මණ්ඩල සාමාජිකයන්ගේ මාසික වැටුප කො විඩ් අරමුදලට බැර කිරීමෙන් හෝ මේ ගැටලුව විසඳන්න හැකියාවක් නැ ත. ධනවතුන් මුදල් පරිත්‍යාග කළත් ආර්ථිකය යථා තත්ත්වයට පත් කළ හැකි තත්ත්වයක් එයින් ගොඩනැඟෙන්නේ නැ ත. එකම විසඳුම වන්නේ ආර්ථිකය සක්‍රිය ලෙස පවත්වා ගැනීම පමණි. විදේශ විනිමය හිඟයට අපනයනය දියුණු කළ යුතුය. තව අතෙකින් විදේශ රැකියා ප්‍රමාණය වැඩි කර ගත යුතුය. කොවිඩ් ලෝක වසංගත තත්ත්වය යටතේ ආයෝජකයන් කෙරෙහි විශ්වාසය තැබිය හැක්කේ ඉතා අඩුවෙනි. මෙබඳු පසුබිමක සති ගණන් රට වසා තැබීම ආර්ථිකය කබලෙන් ළිපට වැටීමක් ලෙස හැඳින්විය හැකිය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මුල සිටම පෙන්වා දුන්නේ අර්බුදයෙන් ගොඩ යෑමට එකිනෙක රටවල් ස්වකීය උපාය මාර්ග යොදා ගැනීම ඉතා වැදගත් බවය. එහිලා ඔවුන් හඳුන්වා දුන් පොදු සංකල්පය වූයේ ‘නව සාමාන්‍යකරණය’ යන්නය. එහි සරල අදහස වන්නේ වසංගතය සමඟ ජීවත් වෙමින්, ආර්ථිකය හා ජන ජීවිතය යථා පරිදි ගෙන යෑමය. ඉන් එහා විසඳුමක් පෙනෙන තෙක් මානයක නැ ත. රටවල් වසා දැමීමෙන් හා ආර්ථිකයට සීමා පැනවීමෙන් අර්බුදය තවත් සංකීර්ණ වෙයි. මිනිස් ජීවිත හා ආර්ථික ක්‍රියාවලිය එකට බැඳී පවතින බැවින් ඒ දෙක වෙන වෙනම ගෙන තීන්දු තීරණ ගැනීම වැරැදිය. රට වසා දමන්න පෙර එහි ආර්ථික ප්‍රතිවිපාක ගැන උපකල්පනය කිරීම අනිවාර්යයෙන් සිදු විය යුතුය.

දින දහයක් යනු සැලැකිය යුතු කාලයකි. මේ දින දහය තුළ ජනතාවගේ පීඩනය උත්සන්න වනු ඇත. ආධාරවලින් එම පීඩනය මකා දැමිය හැකි නො වේ. කො විඩ් වසංගතය ජය ගැනීමට ඇති ප්‍රධාන ක්‍රියාමාර්ග දෙක ගැන අපි හැමදාමත් සටහන් කර තබමු. ප්‍රථම ක්‍රියාමාර්ගය: එන්නත්කරණයයි. දෙවැන්න: සෞඛ්‍ය උපදේශන පිළිපැදීමයි. මේ දෙක නිසි ලෙස පවත්වා ගත හැකි නම් කො විඩ් ජය ගැනීමට අමුතු දේවල් අවශ්‍ය නො වේ. ලබන සඳුදා වන විට රට විවෘත කරනු ඇතැයි අපේක්ෂාවක් ජනතාව තුළ පවතී. එය කඩ නොකරන්න ආණ්ඩුව වග බලා ගත යුතුය. දේශපාලන කණ්ඩායම්, වෘත්තීය සමිති හා තවත් සංවිධාන විවිධ විවේචන ඉදිරිපත් කරන්න පුළුවන. ආණ්ඩුව ඒ විවේචන ගණන් නො ගත යුතුය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්