Oct
26

රුසියාවට ගිය යුධ හමුදාපතිවරයාට ඉහළ ගෞරව සමඟ පිළිගැනීමක්

 
1202 Views
   
 

ආරක්ෂක මාණ්ඩලික ප්රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්ර සිල්වා මහතා සුහද සංචාරයක් සඳහා ඊයේ (25) රුසියාවේ මොස්කව් නුවර බලා පිටත් වුණා.

පසුගිය වසරේ රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්රධානී ජෙනරාල් ඔලෙග් සැල්යුකෝව් මහතා මෙරට කළ සංචාරයක් අතරතුරදී සිදු කළ ආරාධනාවකට අනුවයි යුද හමුදාපතිවරයා මෙම සංචාරය සිදු කර ඇත්තේ. මොස්කව් නුවරට පැමිණි යුද හමුදාපතිවරයාට හමුදා ආචාර සහිත ඉහළ පිළිගැනීමක් හිමි වී තිබෙනවා.

ශ්රී ලංකාවේ යුද හමුදාපතිවරයෙකුට රුසියානු හමුදා ගෞරව පිරිනැමුණු ඉතා දුර්ලභ අවස්ථාවක් ලෙසයි මේ සලකනු ලබන්නේ.

මේ අතර සංචාරය සඳහා එක්වුණු ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා මිය ගිය රුසියානු රණවිරුවන්ට පුෂ්පෝපහාර දැක්වීමක් සඳහාද මොස්කව් නුවර ක්රෙම්ලීනයේ ඇලෙක්සැන්ඩ්රොව්ස්කි උද්යානයේ පිහිටි චතුරස්රයේ රණවිරු ස්මාරකය වෙත ගොස් තිබෙනවා.

ශ්රී ලංකාවේ යුද හමුදාපතිවරයාගේ රුසියානු සංචාරය අතරතුර ශ්රී ලංකා ත්රිවිධ හමුදා සාමාජිකයන්ගේ පුහුණු ස්ථාන තවදුරටත් වැඩි දියුණු කිරීම, ඒකාබද්ධ යුධ අභ්යාසය පැවැත්වීම, යාන්ත්රික සහ ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ දැනුම හුවමාරු කරගැනීම ඇතුළු අන්යෝන්ය අවශ්යතා ද්විපාර්ශික වැදගත්කම පිළිබඳ පුළුල් පරාසයක අදහස් හුවමාරුවක් සහ අවධානය යොමු කිරීමක් සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

01.

02.

03.

04.

05.

06.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්