Oct
20

එන්නත්කරණයට අවනතව සාමාන්‍ය ජීවිතයට නැවතත් හුරුවුණු ජනතාව

 
442 Views
   
 

මේ වන විට වසංගතය යම් පමණකට පාලනය වී තිබේ. ඒ පිළිබඳ පුරවැසියන් ලෙස අපට හදවතින්ම සතුටු විය හැකිය. කොරෝනා වසංගතය හේතුවෙන් අවුරුදු එකහමාරක් රට පැවතියේ එකම තැනය. ආර්ථිකය සම්පූර්ණයෙන්ම අඩාල විය දරුවන්ගේ අධ්‍යාපනය අතිශයින්ම තීරණාත්මක විය. මේ වන විට දහතුන් දහසකගේ පමණ ජිවිත කොවිඩ් රෝගය වැළඳීමෙන් රටට අහිමි විය. මේ දින වල දෛනිකවවාර්තා වන මරණ සංඛ්‍යාව 12 ටත් අඩු අගයක් ගනී. මේ වන විටත් අපට වසංගතය සම්පූර්ණයෙන්ම පරාජය කිරීමට නොහැකි උවත් වසංගතයේ ප්‍රචණ්ඩත්වය පාලනය කිරීමට අපට හැකියාව ලැබී ඇත. ආසාදිතයන් හමුවීම තවමත් පන්සියයක් හත්සියය අතර වාර්තා වුවද වසංගතය සදහා ග්‍රහණය වූ කාලයට සාපේක්ෂව මෙය හොඳ තත්ත්වයක් වේ.

වර්තමාන තත්ත්වය සඳහා රට ගෙන ඒමට සුව සේවා කාර්ය මණ්ඩල ඉමහත් සේවාවක් ඉටු කරනු ලැබූහ. එමෙන්ම වෛද්‍ය උපකරණ සහ එන්නත් ගෙනඒමට විශාල මුදල් ප්‍රමාණයක් වැය කිරීමට ද සිදු විය. වසංගතයක් නැති වූයේ නම් එම මුදල් රටේ සංවර්ධනය සඳහා යෙදවීමට අවකාශය තිබුණි. කෙසේ නමුත් ඒවා රටෙහි ජනතාවගේ මුදල් වේ. එම නිසා වැය කළ සෑම රුපියලක්ම වටිනාකම ඉමහත්ය. තවදුරටත් හොඳ සුව පුරුදු අනුගමනය කිරීම දිගින් දිගටම සිදුකල යුතුය. එසේ නොවුන හොත් අපව නැවතත් කොවිඩ් මාරයා වේලාගනු ඇත.

අද වන විට වසංගත රෝගය පාලනය කර ගැනීමට හැකියාව ලැබී ඇත්තේ එන්නත්කරණය ක්‍රමවත්ව සිදු වීම හේතුවෙනි. ඒ කොතෙක්දුරට සාර්ථකද කිවහොත් වයස අවුරුදු 30ට වැඩි ජනගහනයෙන් අතිශය බහුතරයක් එන්නත් ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ ජනගහනය හා සැසදීමේදී වයස අවුරුදු 30ට වැඩි ප්‍ර්‍රතිශතය ඉහළ අගයක් ගනී. එබැවින් අද වන විට ආසාදිතයන් ප්‍රතිශතය අඩු වී ඇත. එන්නත්කරණය මුල් කරගනිමින් මිත්‍යාව මත රාශියක් සමාජ ගත කිරීමට බොහෝ පිරිස් උත්සහ ගත්හ. ඒ හේතුවෙන් පසුගිය කාලයේ දී සමහර වැඩිහිටියන් ද එන්නත් නොකර සිටීමට ද උත්සාහ දැරූ අවස්ථා විය. වෙනත් විකල්ප වෛද්‍ය ක්‍රම කෙරෙහි යම් පිරිසක් ඇදී යාමේ ප්‍රවණතාවයක් පසුගිය දිනවල දැකගැනීමට හැකි විය. නමුත් ලෝකයම පිළිගත් කොවිඩ් පාලනය කළ හැකි එකම ක්‍රමය එන්නත්කරණය බවට මේ වන විට තහවුරු වී හමාරය.

මේ මගින් මිනිසාට අහිතකර දීර්ඝකාලීන අතුරු ආබාධ ඇති වන බවට කිසිදු පිළිගත හැකි විද්‍යාත්මක සාක්ෂියක් නොමැත. එනිසා එන්නත්කරණය ගැන නව මාධ්‍ය හා යූටියුබ් නාලිකා තුල පැතිරෙන සෑම දෙයක්ම ඇත්තනොවන අතර ඒවා පිළිගැනීමට පෙර ඒ පිළිබඳ හොඳින් අධ්‍යයනය කළ යුතු වේ. ඔවුන් කරනුයේ තමන්ගේ සමාජ වගකීම පැහැර හැරීමකි. එන්නත් නොගත් පුද්ගලයින් හරහා නැවත වසංගතය පැතිර යාමේ ඉඩ කඩක්ද තිබේ. එම හේතුවෙන් අප එන්නත් මගහරිනවා යනු සමාජ වගකීම හිතාමතාම පැහැර හැරීම. අනෙකාගේ ජීවත්වීමේ අයිතිය අවදානමකට ලක් කිරීමකි.

සමාජ ක්‍රියාකාරිත්වයේ ප්‍රබල සාමාජිකයන් වන වයස අවුරුදු 30ට අඩු පිරිස් එන්නත්කරණය සඳහා යොමු වීම අත්‍යවශ්‍ය සාධකයක් වේ. අවුරුදු තිහට අඩු තරුණ පිරිස් එන්නත්කරණය ට උනන්දු කිරීමට ද රජය මේ වන විට ග්‍රාම නිලධාරීන් හරහා වැඩපිළිවෙළවල් ආරම්භ කර තිබේ. එය ඉතාමත් යහපත් කටයුත්තකි.එම නිලධාරීන්ගේ දැඩි කැපවීම මත තරුණ ප්‍රජාව එන්නත වෙත ආකර්ෂණය කර ගැනීමට හැකියාව ඇත. මෙතෙක් කල් බොහෝවිට සිදුවන්නේ හැමදේම විවේචනය කිරීමයි. සැක සංකා පළකිරීමයි එහෙත් එන්නත් කරනය යනු ජාත්‍යන්තර ප්‍රමිතිය සහිත වැඩපිළිවෙළකි අප රට තුල ද සියල්ලන්ගේ ආශිර්වාදය ඇතිව ක්‍රියාත්මක වන්නකි. එම නිසා තරුණයන් එන්නත් කිරීමට කිසිසේත්ම බිය විය යුතු නැත.

රටෙහි සියලු පාර්ශ්වයන්ට එන්නත්කරණය නොකරන්නේනම් කියන්නෙත් මෙම භුක්ති විඳින නිදහස අහිමිව ලොක්ඩවුන් ජීවිතයකට යොමු වීම වැළැක්විය නොහැකිය.ලොක්ඩවුන් යනු මෙරට 60% ක් වූ දෛනික ආදායම් ලාභයෙන් ට අසුන්දර සහ අසුබ අත්දැකීමක් නොවේ.එම නිසා අප කළ යුත්තේ වැටුණු තැනින් නැගිට පෙරට යාමට අවශ්‍ය වටපිටාව සකස් කරගැනීම වේ.නිසි ලෙස එන්නත්කරණය සිදුකොට සුපුරුදු අනුගමනය කළ හැකි නම් වසංගතයේ නිමාවක් දකින හෙට දිනක් අපට උදා වනු ඇත. (ශම්මි)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්