Sep
8

නිපුන, ලත්පඳුර, අරලිය, හිරු, නිව් රත්න සහ සූරිය යන සහල් මෝල් සතුව පවතින සහල් තොග රජයට පවරාගැනේ

 
820 Views
   
 

පොළොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතුව පවතින සහල් තොග රජයට පවරා ගැනීම අද සිදුකර තිබෙනවා. ඒ අනුව නිපුන, ලත්පඳුර, අරලිය, හිරු, නිව් රත්න සහ සූරිය යන සහල් මෝල් සතුව පවතින තොග පවරා ගැනීම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් සෙනරත් නිවුන්හැල්ල සහ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ එම කටයුතු සිදුවූ බවයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනය කළේ.

පොළොන්නරුව ප්‍රදේශයේ සියලු මහා පරිමාණ සහල් මෝල් සතුව පැවති වෙළඳපොළ වෙත නිකුත් නො කළ සහල් තොග රජයේ පාලන මිල ගණන් යටතේ පවරා ගැනීමත් සමග සතොස වෙළඳසැල් වෙත ප්‍රවාහනය කිරීම ද එම අවස්ථාවේම ආරම්භ කර තිබෙනවා. මෙම සහල් තොග කඩිනමින් පාරිභෝගික ජනතාව වෙත නිකුත් කිරීම රජයේ අරමුණ බවයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය කියාසිටියේ.

නිව් රත්න සහල් මෝල සතුව පැවති තොග පවරා ගැනීමට කටයුතු කිරීමේදී එහි හිමිකාරීත්වය විසින් සැලසුම් සහගතව විරෝධතා මතු කිරීමට කටයුතු කර ඇති අතර නිලධාරීන්ගේ රාජකාරියට ද බාධා කර තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය ප්‍රකාශ කළේ රජය විසින් සහල් සඳහා පාලන මිලක් නියම කිරීමෙන් අ න තු රු ව ප්‍රමාණවත් පරිදි නිෂ්පාදන ධාරිතාව පවත්වාගෙන යාම සහ හිඟයකින් තොරව සහල් වෙළඳපොලට නිකුත් කිරීම පිළිබඳ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් විසින් මෙම සහල් මෝල් හිමියන් සමග සාකච්ඡා කර තිබු බවයි.

කෙසේවෙතත් එකඟ වූ පරිදි ඔවුන් කටයුතු නො කිරීම හේතුවෙන් සහල් තොග රජයට පවරාගෙන බෙදාහැරීමට කටයුතු කරන ලෙසටයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙළඳ අමාත්‍යවරයාට සහ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට මෙන්ම පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාට උපදෙස් ලබාදී ඇත්තේ. (hitunews)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්