Mar
28

රත්මලානට නැවත ජාත්‍යන්තර ගුවන් ගමන්

 
1069 Views
   
 

ලංකාවේ අගනගරය වූ කොළඹට ආසන්නයෙන් ගුවන් තොටුපොළක් සෑදීමට 1934 දී රාජ්‍ය මන්ත්‍රණ සභාව ගත් තීරණයකට අනුව ඊට සුදුසුම ස්ථානය වූ රත්මලානේ ගුවන්තොටුපොළ ඉදිකරන ලදී. 1935 ඔක්තෝබර් 27 කැප්ටන් ටින්ඩේල් බිස්කෝ විසින් පියාසර කරන ලද ” ද හැව්ලන්ඩ් පුස් මොත් (DH.80 Puss Moth)” යානයක් ප්‍රථම වරට රත්මලාන ⁣ගුවන්තොටුපොළට ගොඩබස්වන ලදී.

ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා යොදාගත් රත්මලාන ගුවන්තොටුපො⁣ළ වෙනුවට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදිකිරීමට 1964 දී රජය තීරණය කරන ලදී. ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඉදිකිරීම් කටයුතු 1967 දී අවසන් වීමත් සමග රත්මලාන ගුවන්තොටුපොළේ තිබූ අන්තර්ජාතික ගුවන් ගමන් සියල්ල කටුනායක ගුවන්තොටුපොළට ලබාදෙන ලදී. ඉන්පසුව රත්මලාන ගුවන්තොටුපොළ රටේ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා යොදාගන්නා ලදී.

නැවතත් 2012 වසරේදී රත්මලාන ගුවන්තොටුපොළ කොළඹ නගරයට දෙවන ගුවන්තොටුපොළක් ලෙසත්, අන්තර්ජාතික ගුවන් ගමන් සඳහා යොදාගැනීමටත් පිඹුරුපත් සැකසුන අතර 2012 අගෝස්තු සිට වාණිජ ජෙට් යානා මෙහෙයුම් සඳහා රත්මලාන ගුවන්තොටුපොළ විවෘත විය.

අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් පරිදි සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඊයේ (27) දින සිට ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා වසර 54කට පසු නැවත විවෘත කෙරිණි.

මාලදිවයිනේ ජාතික ගුවන් සේවය වන Maldivian Air හි පළමු ගුවන් යානය DH8 ඊයේ (27) උදෑසන 8.50 ට රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ලඟා විය. ආසන 50කින් යුතු DH8 ගුවන් යානා සතියට තුන් වතාවක් ගමන් කිරීමට කාලසටහන් ගතව ඇති අතර එය 2022 මැයි මස සිට පහක් දක්වා වැඩි වනු ඇත. රත්මලාන ගුවන්තොටුපොළ තුල ඇති පහසුකම් වැඩි දියුණු කරමින් නව උප ධාවන පථය සහ ආස්තරණය කරන ලද ගුවන් යානා අංගනය සහ තීරුබදු රහිත වෙළඳසැල විවෘත කිරීම ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය D.V. චානක දිනුෂාන් සහ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්