Sep
29

දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය 01 දා අලුයම 04 ඉවත් කෙරේ

 
533 Views
   
 

දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් මස 01 වනදා උදෑසන 4ට ඉවත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසීය. එයට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පසුව දැනුම්දෙන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

පසුගිය අගෝස්තු මස 20 වනදා රාත්‍රියේ 10 සිට මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පනවනු ලැබීය මේ අතර සිසුන් 200ට අඩු දකුණු පළාතේ පාසල් එළඹෙන ඔක්තෝම්බර් මස 15 වන දා සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා පවසනවා. ඒ සඳහා දැනටමත් ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්