Aug
14

ලංකාවේ දේශපාලුවන්ට නො වැටහුණ මුහුදු ආ ර ක්ෂණ සේවාවක වැදගත්කම

 
1026 Views
   
 

දේශාටන සංචාරයේ දී වඩාත් ආකර්ෂණීය හා අ ව දා න ම් සහගතම ප්‍රවාහන මාධ්‍ය නම් කරන්නැයි කිසිවෙකුට කීවහොත් එය මුහුදු ගමන් මග බව පවසන්නට අද්දැකීම් ඇති කිසිවෙකුත් මැළි නො ව නු ඇත. ලොව රාජ්‍යයන් අතර සම්බන්ධතා ගොඩනැගෙන්නට මූලික වූ, රටවල් අතර වෙළදාම හා යටත්විජිතකරණය ආදියේ දී දිගු ඉතිහාසයක් ඇත්තේ මුහුදු ප්‍රවාහන ක්ෂේත්‍රය හෙවත් නාවික යාත්‍රා හා බැඳුණු සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙනි. හෙළ දිව ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලෙස සැලකෙන විජයාගමනය පිළිබඳවද කාතන්දරය දිගහැරෙන්නේ රටින් පිටුවහල් කළ විජය ඇතුළු පිරිසක් නැවකින් විත් තම්බපණ්ණියට ගොඩ බැසීමේ සිදුවීමත් සමඟ ය.

ලොව නාවික ක්ෂේත්‍රයේ ලොමු දැහැගන්වන සිදුවීම් රාශියක් පිළිබඳ ආකර්ශනීය කතාන්දරවල ලිඛිත ඉතිහාසයක් හමුවන්නේ කිතු වසින් අටවන ශතවර්ෂයේ සිට ය. එකල, ස්කැන්ඩිනේවියානු දේශයන්ගෙන් පැමිණි වයිකින්වරු අත්ලාන්තික් සාගරයේ තම අණසක පතුරුවන්නට සමත්වීමත්, ඔවුන් විසින් ප්‍රතිවාදී නෞකා ආක්‍රමණය කිරීමත්, ඉන් අ න තු රුව ඒවායේ වූ සම්පත් කොල්ලකා එම යාත්‍රා මුහුදුබත් කිරීමට සැලැස්වීමත් ආදී කතා එහි වෙයි. මේ අනුව, දුරස්ථ රාජ්‍යයන් අතර සංචාරයට හා භාණ්ඩ හුවමාරුවට එකල වූ ප්‍රධාන ප්‍රවාහන මාර්ගය වූ මුහුදු මාර්ගයේ බොහෝ ගැටුම් සිදුව ඇති බව පැහැදිලිය.
මෙම ගැටුම් සමස්තයක් ලෙස ගත් කල මංකොල්ල පිණිස වූ ඒවා බව ද පැහැදිලිය. එසේ වූ, මුහුදු මංකොල්ලකරුවන්ගේ ක්‍රියාවන්හි උච්චතම කාල වකවානුව හෙවත්, ඔවුන්ට අනුව එහි ස්වර්ණමය යුගය ලෙස සැලකී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1560 – 1720 කාලයයි. යුරෝපා මහාද්වීපයේ දියුණුවත්, මුහුදු ගමන්බිමන්වල සීඝ්‍ර වැඩිවීමත් යටත්විජිතකරණයත් මෙයට බොහෝ බලපෑම් ඇති කොට තිබුණි.

මෙම කාලයේ සිටි හේන්රි මෝගන් නම් වූ ප්‍රකට මුහුදු මංකොල්ලකරුවෙක් විසින් පැනමා රාජ්‍යය ද ආක්‍රමණය කළ බවත් කියැවෙයි. මෙවන් කොල්ලකරුවන් අතර වීරත්වයට පත් කොල්ලකාරිණියන්ද සිටි අතර, මේරි රීඩ් නමැත්තිය එවැන්නියකි. මෙම යුගය දහනව වන ශතවර්ෂය එලැඹෙනවිට අවසන් වූවත්, කාර්මීකරණය දියුණු සමාජයේ භාණ්ඩ හා සේවා සැපයීම් අතර නාවික ක්ෂේත්‍රයේ භාවිතය ඉහලයාමත් සමඟ ම මුහුදු කොල්ලකෑම් සහ ජාවාරම්කාර ක්‍රියාවන් රැසක් ද වර්ධනය විය.

අන්තර්ජාතික වශයෙන් වෙළඳාම දියුණුවීමත්, මිනිස් වෙළඳාම හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනයත් ලොව අංක එකේ යටිබිම්ගත දේශපාලනයේ තීරණාත්මක සාධක බවට පත්වීමත් සමඟම විසිවන ශත වර්ෂය වනවිට මුහුදු ප්‍රවාහන මාධ්‍යයට වැඩි අ ව ධානයක් යොමුව තිබුණි. විසිවන ශත වර්ශයේ අවසානය වනවිට හෙවත් 1991 වන විට මෙම ක්‍රියාවන් සම්බන්ධව ලොව රාජ්‍යයක නාමයක් ද බහුලව කියැවෙන්නට විණි. එය නම්, සෝමාලියාවයි. එතෙක් සෝමාලියාවේ පැවැති නීත්‍යනුකූල ආණ්ඩුව එරට තුල සිවිල් යු ද් ධ ය කට පැටලීම හේතුවෙන්, අප්‍රිකානු මහද්වීපයේ දීර්ඝතම වෙරළ තීරයෙන් කිලෝමීටර් 3,330ක ප්‍රමාණයක් ආ ර ක් ෂා කිරීමට නාවික හමුදාවක් යෙදවීමට නො හැ කි තත්ත්වයකට පත්විය.මේ හේතුවෙන් එම මුහුදු සීමාවට කඩාවදින ලොව බලවත් රටවලට හා විශාල සමාගම්වලට අයත් නාවිකයින් එරට මුහුදු සම්පත ද පැ හැ ර ගැ නී ම්වලට ලක් කළේය.

විසිඑක්වන සියවස එලැඹෙන විට මුහුදු මංකොල්ලකාරීත්වය හා සාගරය මතුපිට ප්‍රවාහනයේ දී සිදුවන ක්‍රියාකාරකම් තීව්රවෙයි. 2006 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ, ක්ෂණිකව ක්‍රියාත්මක විය හැකි වෙ ර ළා ර ක්ෂක බ ළ කා ය ක් නොමැති සෝමාලියානු මුහුදු තීරය නී ති වි රෝ ධීව සෝමාලියානු මුහුදු සම්පත් සො ර ක ම් කරන්නන් ඇතුළු ලොව වටා සියලු දෙනාට විවෘත නිදහස් ප්‍රදේශයක් ලෙස පැවැති බවයි. එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුගත වාර්තාවක් 2007 දී පෙන්වා දෙන්නේ, විදේශීය ට්‍රෝලර් යාත්‍රා විසින් ඩොලර් මිලියන 300ක් වටිනා මුහුදු ආහාර සෑම වසරක ම එරටේ මුහුදු තීරයෙන් සො ර ක ම් කරන බවයි.

ප්‍රධාන වශයෙන් සෝමාලියානුවන්ගේ නමින් හැඳින්වුව ද, ලොව දීර්ඝතම හා වැදගත්ම නාවික සැපයුම් ගමන් මාර්ගය වැටී ඇති ඉන්දියන් සාගරය ද ඒ ආශ්‍රිත රාජ්‍යයන් ද අ ප හ සු තා ව න් ට පත්කරන සිදුවීම් නිරන්තරයෙන් සිදුවීම වැ ලැ ක් වී ම පහසු කටයුත්තක් නො වි ණි. අදට ද එය එසේය. මුහුදු කො ල් ල ක රු ව න් ගේ ප්‍ර හා ර පිළිබඳව නිරීක්ෂණය කරන නයිරෝබී රාජ්‍යය පදනම් කරගත් ‘නැගෙනහිර අප්‍රිකානු මුහුදු යාත්රිකයන්ගේ සහන වැඩසටහන’ (East African Seafarers Assistance Programme) නම් ආයතනික ව්‍යුහයක් ද වෙයි. “මුහුදු කො ල් ල ක රු ව න් මුල් කාලයේදී නීති විරෝධී මත්ස්‍ය යාත්‍රාවලින් කප්පම් ගැනීම පමණක් සිදු කළ අතර ක්‍රම ක්‍රමයෙන් උපක්‍රමිකව තම ජාලය වර්ධනය කරගත් ඔවුන් නෞකා කොල්ලකෑමේ කටයුතුවලට එලැඹෙනවා. මෙහිදී ඔවුන් මත්ස්‍ය යාත්‍රා පමණක් නොව, වෙළඳ නෞකාවන් ද කොල්ලකෑම ආරම්භ කරනවා. ඒ ධීවර යාත්‍රා ලෙස මුහුදේ රැඳී සිටිමිනුයි. වත්මන් ප්‍රධාන මංකොල්ල කණ්ඩායම් වන සෝමාලියානු ජාතික ස්වේච්ඡා වෙරළ ර ක් ෂ ක ය න් (National Volunteer coast guard of Somalia) හා සෝමාලි මැරීන්ස් (Somali Marines) වැනි සංවිධාන තුළ සෝමාලියානු ධීවරයන් නො මැ ති අතර වෘත්තීය කොල්ලකරුවන් පමණක් සිටින බවයි. මේ වන විට ඔවුන් නැව් විශාල ප්‍රමාණයක් වරින් වර කො ල් ල කා රඳවාගෙන තිබෙනවා.” යැයි තවත් වාර්තාවක සඳහන් වෙයි.

මේ වනවිට ශ්‍රී ලංකාව තුලදී මෙන්ම මහ මුහුදේ දී ද ම ත් ද්‍රව්‍ය ටොන් ගණනින් අල්ලා ගනිද්දී මෙන්ම මුහුදු ප්‍රවාහන සේවයේ ඇති වැදගත්කම සැලකිල්ලට ගැනීමේ දී මුහුදු ආ ර ක් ෂ ණ සේවයක වැදගත්කම කෙතරම් දැයි දැන් යමෙකුට වැටහෙනු ඇත. “90 දශකයේ සෝමාලියානු ධීවරයන්ගෙන් ආරම්භ වූ ප්‍රාථමික මුහුදු මං කො ල් ල කණ්ඩායම් අද වන විට නවීන අ වි ආ යු ධ වලින් ස න් න ද් ධ බි හි සු ණු කණ්ඩායම් දක්වා වර්ධනය වී තිබෙනවා.” යනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවධානයේ වාර්ථාවක සඳහන් වෙද්දී, ශ්‍රී ලංකාව වැනි රටකට එහි ඇති වැදගත්කම කෙතරම්දැයි වටහා ගන්නට අබ ඇටයක තරම්වත් මොළයක් ඇත්තෙකුට හැකියාව තිබිය යුතුය. එමෙන්ම එවන් ආ ර ක් ෂ ක සේවයක් අප රටට ආදායම් ගෙන එන තරගකාරී මට්ටමින් පවත්වාගෙන යාමට සමත්වන්නේ නම් ඉන් ලැබෙන ඵලදායීතාවය ද අව තක්සේරු කළ හැකි නො වේ.

එහෙත්, ශ්‍රී ලංකාවේ ආණ්ඩුවක් (2015 – 2020 යහපාලනය) විසින් සිදු කළේ, හුදු පක්ෂ දේශපාලනයේ කෙටි කාලීන වාසි තකා, අදාල මුහුදු ආ ර ක් ෂ ණ සමාගමේ හිමිකරු ක ප් ප ම් දේශපාලනයේ සි ර ක රු වෙ ක් බවට පත්කරමින්, ශ්‍රී ලංකාව සතු වූ ලොව ප්‍රමුඛතම මුහුදු ආරක්ෂණ සේවාව තහනමකට ලක්කිරීම ය. එය, රත්තරන් බිජු දමන කිකිළියක් සිහි මු ර් ජා කො ට, ම ර ණ ය ට ද පත්කිරීමට වෙර දැරීමක් බඳු ක්‍රියාවකි. ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයක ආ ර ක් ෂ ක අංශ සතු බලතල හා සීමාවන් තුල එවන් කටයුත්තකදී ලද හැකි ආර්ථික වාසි ගැන කි සි ඳු අවබෝධයක් නැත්තවුන් සේ කටයුතු කරමින්, ලැබෙමින් තිබූ විදෙස් විනිමය බිලියන ගණනින් රටට අහිමි කිරීමට එම ආණ්ඩුව විසින් කටයතු කළේය.

ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර දී බිහි වූ, ලොව අංක එකේ ත්‍රස්තවාදී කණ්ඩායම සේ සැලකුණු, එල් ටී ටී ඊ සංවිධානය සමග තිස්වසක යු ද සමයක් නිමා කළ පසු ශ්‍රී ලංකාවේ මුහුදු තීරය මෙන්ම ලොව බොහෝ රටවල නෞකාවන්ට ද ආ ර ක් ෂා ව සපයන ජාලයක් නිර්මාණය කිරීම්ට අද්දැකීම් බහුල පුද්ගලයෙක් ලෙස නිස්සංක සේනාධිපති මහතා විසින් පියවර ගනු ලැබීය. ඒ අනුව, ශ්‍රී ලංකා රජය සතු රක්නා ලංකා ආ ර ක් ෂ ක සේවයට හා ඇ ව න් ට් ගා ඩ් ආ ර ක් ෂ ක සේවයට තම සේවා කටයුතු පුළුල්කරමින්, දහස් ගණනකට රැකියා අවස්ථාවන් උදාකර දෙමින් රටට බිලියන ගණනින් විදෙස් විනිමය උපයා දීමට ද අවස්ථාව උදාවිණි. ඒ මගින් ඍජු රැකියා අවස්ථාවන් 6500ක් මෙරට වැසියන්ට උදාකර දී තිබුණි. දල වශයෙන් ඉන් පෝෂණය වූ සංඛ්‍යාව විසිදහසක් පමණ විය.

මුහුදු ආ ර ක් ෂ ණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ලොව පිළිගත් නිර්ණායකයන් අතර මෙසේ සඳහන් වෙයි. “නැවෙන් නැව්ගත කිරීම අ ව දා න ම් සහගත ව්‍යාපාරයකි. නැව් නිසි ලෙස ක්‍රියාත්මක වන බව සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහාත්, මුහුදු මාර්ගයේ කිසිදු අ ව දා න ම කි න් තොරව ආ ර ක් ෂි ත ගමනක් සහතික කිරීම සඳහාත් නැව් මෙහෙයුම් සමාගම් නැව් සහ නාවික ආ ර ක් ෂා ව සම්බන්ධයෙන් සුදුසු තත්ත්වයේ පවතින බවට සහතික විය යුතුය. එසේ නො වු ව හො ත්, ඔවුන්ට අ න පේ ක් ෂි ත වන්දි ගෙවීමට ඉඩ ඇත. සමුද්‍ර හා නැව් ආ ර ක් ෂ ක සේවා සාමාන්‍යයෙන් සපයනු ලබන්නේ තුන්වන පාර්ශවයක ස්වාධීන හා අ ප ක්ෂපාතී අධිකාරිය විසිනි. මෙම සංවිධානවල විගණකවරුන්ට සමුද්‍ර ක්‍ෂේත්‍රයේ අ ව දා න ම් තක්සේරු කිරීම සඳහා අවශ්‍ය පළපුරුද්ද, පුහුණුව සහ තීරණ ගැනීමේ කුසලතා ඇත.” ඇ ව න් ට් ගා ර් ට් සමාගම දීර්ඝ කාලයක් අඛණ්ඩව, විශාල සේවක සංඛ්‍යාවක් සමඟ ලබා දී ඇති සේවාවන්ට අනුව, ඔවුන් මේ ප්‍රමිතියට අනුගත ආයතනයක් බව ප්‍රකට කර තිබේ.
2015 ආරම්භයේ සිට ම යහපාලන ආණ්ඩුව, විශාල සේවාවක් සිදුකරමින් සිටි ඇවන්ට් ගාඩ් සමාගමට එරෙහිව නී ති ම ය කටයුතු සිදුකිරීමට ආ ර ක් ෂ ක අංශ ප්‍රධානීන්ට බලපෑම් කළ අතර, එහි සභාපති වූ නිස්සංක සේනාධිපති සි ර ග ත කිරීමට ද කටයුතු කළේය.

ඒ සියල්ලට නො සැ ලී මුහුණ දුන් නිස්සංක සේනාධිපති මහතා එම අ ව නී ති ක ක්‍රියාවන්ට එරෙහිව ප්‍රබල විපක්ෂයක් සේ, සිය මතවාදය ද ශක්තිමත්ව රට හමුවේ තැබීය. පසු කලෙක යහපාලන දේශපාලකයින් විසින් රාජපක්ෂවරුන්ට එරෙහි මතවාදී ආන්දෝලනාත්මක මාතෘකාවක් කරගන්නට ද කැස කැවීය. මෙහි වූ ජුගුප්සාව නම්, ආ ර ක් ෂ ක අංශ ප්‍රධානීන් ලවා ද එම චෝදනා පුන පුනා ප්‍රකාශ කරවන්නට ඇතැම් දේශපාලකයින් බලකර තිබීමය. එසේ කටයුතු කළ ඇතැම් පුද්ගලයින් පැදුරටත් නොකියාම රට හැර ගොස් සිටීම ද මෙහි ඇති විහිළු සහගත බව ප්‍රකට කර තිබේ. කෙසේ වෙතත්, දිගින් දිගටම ඇදී ගිය ඇ ව න් ට් ගා ඩ් මුහුදු ආ ර ක් ෂ ණ ව්‍යාපාරයට අදාල නෛ ති ක ක්‍රියා මාර්ග හමුවේ යහපාලනයේ ඇතැම් දේශපාලකයින් තමාගෙන් රුපියල් මිලියන ගණනින් කප්පම් ලබාගත් බවට ද නිස්සංක සේනාධිපති මහතා ප්‍රසිද්ධියේ චෝදනා කළේය.

කෙසේ වෙතත්, මේ වනවිට සමුද්‍ර ආ ර ක් ෂ ණ සේවා සැපයීමේ වාණිජ ව්‍යාපෘතිය සහ පාවෙන අ වි ග බ ඩා ව 2015 වසරේ දී රජයට අයත් නාවික හමුදාව යටතට පවරා ගැනීම කිසිදු නී ති ය කට අනුකූල නොවන අතර, කිසිදු නී ති ය ක ට අනුව සාධාරණීකරණය කළ නො හැ කි බවත් නී ති ප ති වරයා නිර්දේශ කර තිබේ. එම නිර්දේශ 2021 අගෝස්තු 09 වන දින කැබිනට් මණ්ඩලය වෙත දැනුම් දී ඇත. වාණිජ නෞකා සඳහා ආ ර ක් ෂ ක සේවා සැපයීමට පාවෙන අ වි ග බ ඩා ව ක් පවත්වාගෙන යෑම සඳහා රක්නා ලංකා සමාගම සහ ඇ ව න් ට් ගා ඩ් සමාගම අතර ඇතිකරගත් ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතිය නී ති ය ට පටහැනි නො වන බව නී ති පතිවරයා විසින් තව දුරටත් දන්වා ඇත.

තවද, 1950 අංක 34 දරණ (සංශෝධිත) ශ්‍රී ලංකා නාවික හමුදා පනතේ ප්‍රතිපාදන අනුව, නාවික හමුදාවට වාණිජමය කටයුතුවල නිරතවීමට අවසර ලබාදී නො මැති බව නීතිපතිවරයා පෙන්වා දී ඇති බවත් සඳහන්ය. ඒ අනුව රජයට සහ රජයට අයත් සමාගමක් වන රක්නා ලංකා සමාගමට ගිවිසුම් කඩකිරීම මත න ඩු කටයුතුවලට මුහුණ දීමට සිදුවනු ඇත. ගිවිසුම කඩවීම හේතුවෙන් රක්නා ලංකා සමාගම ඇ ව න්ට්ගා ඩ් සමාගමට ඇමරිකන් ඩොලර් මිලියන 20ක මුදලක් ගෙවීමට සිදුවීම ව ළක්වා ගැනීම සඳහාත්, ඇවන්ගාඩ් සමාගම තමන්ට රුපියල් බිලියන 21ක පාඩුවක් සිදුව ඇති බවට ආ රක්ෂක ලේකම්වරයා වෙත යවා ඇති එන්තරවාසිය අනුව ඉදිරි නී තිමය කටයුතු සිදුවීම ව ළක්වා ගැනීමට සඳහාත් අදාළ ව්‍යාපෘතිය එම සමාගම වෙත යළි ලබාදීමට නීතිපතිවරයාගේ නිර්දේශය ඉවහල් වනු ඇත.

ඒ අනුව, නාවික හමුදාවේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම සමුද්‍ර ආරක්ෂණ ව්‍යාපෘතිය පෙර පරිදි පවත්වාගෙන යෑමට රක්නා ලංකා සහ ඇවන්ට්ගාඩ් සමාගම්වලට අවසර ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත. මෙම පියවර එක් අතකින්, සාර්ථක ශ්‍රී ලාංකීය ව්‍යවසායකයෙක් ලෙස ඇවන්ගාඩ් ව්‍යාපාරයත්, නිස්සංක සේනාධිපතිත් ලද ජයග්‍රහණයකට වඩා මෙරට විරැකියාවට පත් වූ හත් දහසකට ආසන්න පවුල් ඒකක ලැබූ ජයග්‍රහණයකි. තවද, මුළු ලොවම ආර්ථික පීඩනයක සිටිය දී ලංකාව වැනි ආර්ථික දුෂ්කරතාවන්ගෙන් පෙලෙන රටකට ලැබුණු ස්වර්ණමය අවස්ථාවකි. කුහක සහ අවස්ථාවාදී අමන දේශපාලන තීන්දු තීරණ මත යහපත් ව්‍යවසායයන් විනාශ නො කරන්නටත් සියල්ලෝම මේ තුලින් පාඩම් උගත යුතුය. නීතිපතිවරයාගේ නිර්දේශ මත ඇවන්ට්ගාඩ් සමාගමටත්, නිස්සංක සේනාධිපතිටත් අධිකරණයේ අවසරය හිමිවන්නේ නම් එය කිසි විටෙකත් විවාදපන්න නො විය යුතුවා සේ ම කප්පම් දේශපාලනයට සාර්ථක ව්‍යාපාර බංකොලොත් කිරීමට ඇති අවකාශයන්ද ඇහිරිය යුතුය. ඒ මගින් වෙළඳ පොළ හෝ ලිබරල් හෝ ආර්ථික සම්ප්‍රදායන් විශ්වාස කරමින් රට තුල ආයෝජන කිරීමට සූදානම් වන්නන්ට ද විශ්වාසයක් ඇති කළ යුතුය.
ජනිත් විපුලගුණ

මෙන්න බලන්න තවත් ගොසිප්