Apr
28

වැඩි වෙමින් පවතින එලවළු මිලට තිත තබන වැඩපිළිවෙල

 
2137 Views
   
 

ඉදිරියේදි ආහාර සාගාතයක් ගැන මුළු ලෝකයේම කතාබහට ලක් වෙනවා. සැවොම කතාබහ කරනවා පමණයි.

ඒ මාතෘකාව කතාබහකට පමණක් සීමා නොකර ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මැතිතුමාගේ සංකල්පයකට අනුව ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් ඇත.

මහාචාර්ය ඉඳුරාගාරෙ ධම්මරතන ස්වාමීන්වහන්සේගෙ ප්‍රධානත්වයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා එක්ව රට පුරා විසිරී ඇති බන්ධනාගාර 29 ක් මූලික කොටගෙන බන්ධනාගාර රැඳවියන් 5000 ක් හවුල් කරගෙන වගා සංග්‍රාමයක් ආරම්භ කිරීමට මූලික පිඹුරුපත් සකසා අවසන්ය.

මෙහි තවත් සාකච්ඡාවක් කෘෂිකර්ම සහ වෙළඳ අමාත්‍ය ශෙහාන් සේමසිංහගෙ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේදි බන්ධනාගාර මූලාස්ථානයේදි පැවැත්වේ.

මෙම ව්‍යාපෘතිය සඳහා කිසිඳු ලාභ අපේක්ෂවකින් තොරව ප්‍රාග්ධනය ලෙස රුපියල් මිලියන 100 ක් යෙදවීමට ඇවන්ට්ගාඩ් සමාජ සත්කාරක සේවාව කටයුතු කරනු ඇත. මෙම ව්‍යාපෘතියේ සියලූම අධීක්ෂණ කටයුතු සහ පරිපාලන කටයුතු මෙහෙයවනු ලබන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවයි. ඇවන්ට්ගාඩ් සමාජ සත්කාරක සේවාව කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවන අතර වැඩසටහන අවසානයෙ තමන් යෙද වූ මූලික ප්‍රාග්ධනය පමණක් නැවත ලබා ගනු ඇත.

එලවළු වගා කිරීමට බීජ සහ පොහොර සඳහා පමණක් මිලක් වැයවෙන අතර ශ්‍රමය සහ භූමිය බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතුව ඇත. එමගින් නිශ්පාදන පිරිවැය අඩු වී එළවළු මිල 50% කින් පමණ අඩු වනු ඇත.

මෙමගින් වගා කර ලබාගන්නා අස්වැන්න සතොස විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් සෘජුවම මිල දී ගනු ඇත.

මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්ෂණය කොට ඉදිරියේදී යෙදවීමට අදහස් කරන මුදල රුපියල් මිලියන 300 දක්වා වැඩිකිරීමටද නිශ්ශංක සේනාධිපති මැතිතුමා අදහස් කරගෙන සිටී.

අපේ රටේ මිනිස්සු කතා කිරීමට සහ විවේචනයට දක්ෂය. එහෙත් වැඩ කිරීමට ඇත්තේ අල්පයක් වූ මිනිසුන් කොටසකි. එම නිසා ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මැතිතුමාගේ මෙම උත්තුංග වෑයමට අපගේ ප්‍රණාමය හිමි විය යුතුය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්