Aug
14

සෞඛ්‍ය මාර්ගෝපදේශ නී ති ය ක් බවට පත්කර ගැසට් නිවේදනයක්

 
1016 Views
   
 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කරන ඇතැම් මාර්ගෝපදේශ නී ති ය ක් බවට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය සඳුදා ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැන් පැවැත්වෙන සාකච්ඡාවකට එක්වෙමින්.

සමස්ත රට තුළ ම ආසාදිතයන් නිවසේ සිට ප්‍රතිකාර කිරීමේ වැඩසටහන ලබන සිකුරාදා සිට ආරම්භ කරන බවයි ඇය කියා සිටියේ.

මේ අතර, ඉන්දියාවෙන් සතියකට මෙට්‍රික් ටොන් 100 බැගින් ඔක්සිජන් ඇණවුම් කර ඇති බවත්, අවශ්‍යතාව මත ගෙන්වන ඔක්සිජන් ප්‍රමාණය ඉහළ දමන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා මෙහි දී ප්‍රකාශ කළා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්