Jun
27

ගත් පියවර පසුපසට ගන්නේ නැහැ – ජනපති

 
1973 Views
   
 

නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසිවිටෙකත් පසුපසට නොගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අස්ගිරි මහනාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයට ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේදී ගොවීන් අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

රසායනික පොහොර භාවිතය නිසා දිවයිනේ ප්‍රදේශ රැසක ගොවීන් වකුගඩු රෝගය ඇතුළු බෝ නොවන රෝග රැසකින් පීඩා විඳින අතර එමගින් පරිසරයට සිදුවන හානිය අති විශාලයි.

එමෙන්ම රසායනික පොහොර ආනයනය සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 400කට අධික මුදලක් රජය වැය කරන අතර විදේශීය ආයතන වෙත ඇඳී යන එම මුදල රටේ ගොවි ජනතාව වෙත ලබාදීමට කාබනික පොහොර භාවිතය මගින් හැකිවන බවයි ජනාධිපතිවරයා මහා සංඝරත්නයට පෙන්වා දුන්නේ.

අද (27) පෙරවරුවේ අස්ගිරි මහනාහිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැදුටු අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බව ප්‍රකාශ කර තිබෙනවා. 2015ට පෙර රජයේ නිලධාරීන් තීරණ ගැනීමේදී පසුබට නොවීම නිසා කෙටි කාලයක් තුළ රට තුළ දැවැන්ත සංවර්ධනයක් සිදුකිරීමට හැකි වූ බව ඔහු සඳහන් කළා.

එහෙත් එම නිලධාරීන් අ’සත්‍ය චෝදනා මත සිරගතවීම ඇතුළු විවිධ පීඩනයන්ට පසුගිය රජය සමයේ දී මුහුණ පෑමට සිදු වූ බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. රජයේ වර්තමාන සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී නිලධාරීන් අනාගතයේ දී දඬුවම් විඳීමට සිදු වෙතැයි යන බියෙන් තීරණ ගැනීමට සහ ක්‍රියාත්මකවීමට මැලි වී ඇතැයි ද සඳහන් කළා.

එබැවින් රට තුළ බොහෝ වැඩ කටයුතු අඩපණ වීම කණගාටුදායක තත්ත්වයක් බවයි ඔහු සඳහන් කළේ. කොවිඩ් වසංගත මර්දනයට සාර්ථකව මුහුණ දෙමින් රටේ උන්නතිය වෙනුවෙන් ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළට අස්ගිරි පාර්ශ්වයේ මහනානාහිමියන් ප්‍රසාදය පලකළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියසිටියා. කොවිඩ් මර්දනය සඳහා සිදුකෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහනාහිමියන් දැනුවත් කර තිබෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්