Apr
10

නිශ්ශංක සේනාධිපති රටින් පැනලා…?

 
1093 Views
   
 

විජිත හේරත් සරත් ෆොන්සේකා වැනි අය පාර්ලිමේන්තුවෙ පවා මේ ගැන ප්‍රශ්න කරා. නිශ්ශංක සේනාධිපති රටින් පැනලා ගිහින් තියෙනවා. මුදල් විශුද්ධිකරණය යටතෙ ඉන්ටර්පෝල් හරහා ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙසත් ඉල්ලා ඇත.

නිශ්ශංක සේනාධිපති රට ගියෙ ඇයි..?

නිශ්ශංක සේනාධිපති මීට දින 05 කට පෙර ව්‍යාපාරික කටයුත්තකට ඩුබායි රටට ගොස් සිටි අතර ඔහුගෙ කණ්ඩායමක් මේ වන විටත් එරට රැඳී සිටී.

ලංකාව තෙල් අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා සාකච්ඡා කිරීමට මෙරටින් පිටත් වූ නිශ්ශංක සේනාධිපති ඒ සඳහා ක්‍රියා කරේ අද ඊයෙ නොවේ. උදය ගම්මන්පිල බලශක්ති ඇමතිවරයාව සිටිය දී ඔහු ඒ සඳහා ගත් ක්‍රියා මාර්ග ලිපි ලේඛන සහිතව ඇත.

ඔහුගෙ මෙම ව්‍යාපාරික සංචාරයෙ සාර්ථකත්වය ඉදිරි දින කිහිපයේදී මෙරට ජනතාවට සාක්ෂි සහිතව ඇස් පනා පිට දැක ගත හැකිවනු ඇත.

ඉදිරියේදී මාස 08 ක ණය සහන සීමාවක් යටතේ මෙරටට තෙල් ලබා දීමට එම ව්‍යාපාරික ප්‍රජාව පොරොන්දු වී ඇත.

නිශ්ශංක සේනාධිපති මේ කාලසීමාව පුරා බොහෝ වාර ගණනක් මෙරටින් නික්ම ගොස් ඇත.මාස කිහිපයකට වරක් ව්‍යාපාරික කටයුතු සඳහා විදේශගතවීම ඔහුගෙ මාසික චර්යාවකි.

පහුගිය කාලයෙ නිශ්ශංක සේනාධිපති රටින් පිටත්වන විට විජිත හේරත් පාර්ලිමේන්තුවෙ ප්‍රශ්ණ නොකලේ ඇයි..?

නිශ්ශංක සේනාධිපතිට විරුද්ධව අධිකරණයෙ කිසිදු චෝදනාවක් නැති අවස්ථාවක ඔහුව අත්අඩංගුවට ගැනීමට යෝජනා කරන්නට විජිත හේරත් මෙරට අගවිනිසුරු ද..?

යම්කිසි පුද්ගලයෙකුට මෙරටින් පිටව යාමට විජිත හේරත්ගෙ හෝ පාර්ලිමේන්තුවෙ අනුමැතිය අවශ්‍යයද..?

මහදවල් මහ බැංකුව මංකොල්ල කෑ අර්ජුන මහේන්ද්‍රන් මහදවල් මෙරටින් පලා යද්දි විජිත කුමාර හිටියෙ කෝමා තත්වයකද..?

නිශ්ශංක සේනාධිපති මෙරටින් පිටව යන්නෙ හොර රහසේ හොර පාස්පෝට් සාදාගෙන නොව තමන්ගෙ නමින් යුත් වලංගු ගුවන් ගමන් පත්‍රයෙන් නීත්‍යානුකූලවය.

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී මේ රටේ පුරවැසියෙකුට චෝදනා කිරීමට විජිත හේරත්ලාට ඇති අසීමිත බලය කුමක්ද..?

මේ රටේ තිබෙන සැබෑ ප්‍රශ්ණය නිශ්ශංක සේනාධිපති රට හැර යාමද ? පවතින ආර්ථික ඩොලර් අර්බුදය ද..? විජිත හේරත්ලා පාර්ලිමේන්තුවෙ කෑ මොර දුන්නාට මෙරටට ඩොලර් ලැබෙන්නේ ද නැත. සේනාධිපති ලා විදෙස් රටවල් සමග කරන ගනුදෙනු වලින් මෙරටට ගලා එන්නේ ඩොලර්ය. එයින් ශක්තිමත් වන්නෙ මෙරට ආර්ථිකය යි

අද උදෑසන එම ව්‍යාපාරික සාකච්ඡා නිම කර නිශ්ශංක සේනාධිපති මෙරටට පැමිණ ඇත.

ජනතාව පාරට බැස සිදු කරන ලද අරගලයෙ උච්චතම අවස්ථාව අද සහ හෙටයි. ඔවුන් මිලියනයක ජනතාවක් ලංකාවට කොළඹට ගෙන ඒමට සැලසුම් කර ඇත.

නිශ්ශංක සේනාධිපති රටින් පැන ගියා නම් ලංකාවට පැමිණිය යුතුව තිබුණේ හෙට දිනයෙන් පසුවය. එහෙත් එම අරගලයෙ උච්චතම අවස්ථාවෙ ජනාධිපතිතුමා තනි නොකරමින් ඔහු ලංකාවට පැමිණ ඇත.

කමාන්ඩො භටයෙකු ලෙස මරණය පෙනි පෙනී සංග්‍රාම භූමියට ගිය නිශ්ශංක සේනාධිපති මෙවැනි ළදරු අරගලයක් ඉදිරියෙ රටින් පලා යෑවියයි සිතන අය තමන්ගෙ මොළය පරීක්ෂා කරගත යුතුය.

පසුගිය දින කිහිපයේ නිශ්ශංක සේනාධිපති පලා ගියා යැයි කෑ මොර දුන් අයට දැන් කියන්නට ඇත්තෙ කුමක්ද..?

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්