Feb
10

සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමට සිදු කළ ප්‍රහාරයේ අලාභය ලක්ෂ 14ක්

 
4317 Views
   
 

නිවිතිගල පොදු ක්රීඩාංගනයේ පැවති සංගීත සංදර්ශනයක් අවසානයේදී එම ප්රසංගය නැරඹීමට පැමිණි පිරිසක් සංගීත කණඩායමේ වාදන හා විද්යුත් භාණ්ඩ වලට අලාභ හානි කර ඇතැයි ප්රසංගය සංවිධානය කළ සංවිධායකයෝ නිවිතිගල පොලිසියට පැමිණිලි කර තිබේ.

පෙරේදා 09 රාත්රී මෙම සංගීත ප්රිසංගය පැවත්විණ. රුපියල් ලක්ෂ 14ක පමණ අලාභයක් සිදු කර ඇතැයි ප්රසංග සංවිධායක පොලීසියට පැමිණිලි කර තිබේ.

රාත්රී 11.30 ට පමණ සංගීත ප්රසංගය නිමා කිරිම ගැන කෝපයට පත් පිරිසක් වේදිකාවට පහරදී ඇතැයි පොලිසිය පවසයි.

ප්රවේශ පත්ර අලෙවිකර පැවති මෙම සංගීත ප්රසංගය නැරඹීමට විශාල පිරිසක් පැමිණි බවත් පිරිසක් සිදු කළ පහරදීමෙන් පසු ක්රීඩාපිටිය වට කර තිබූ ටකරන් සහ යකඩ බටද රසිකයන් විසින් ගලවාගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ. නර්තන කණ්ඩායමේ නැටුම් ශිල්පිණියන්ගේ ඇදුම් බෑග් කිපයක්ද සොරාගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ.

සංගීත කණඩායමේ වාහනයක වීදුරුවකටද හානි සිදු කර ඇත. නිවිතිගල පොලීසියේ ස්ඨානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සමන් පාලිත මහතාගේ මෙහයවීමෙන් පරීක්ෂණ සිදු කෙරේ. සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදු කරන බව පොලිසිය පවසයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්