Oct
12

අවදානම තවමත් එහෙමමයි

 
360 Views
   
 

කො විඩ් ම රණ සහ රෝගීන්ගේ ප්‍රමාණය අඩු වුවත් තවමත් අවදානම එසේම පවතී.නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු සිදු නොවුනහොත් නැවතත් කොවිඩ් නව ප්‍රභේදයකට වුවද පණදී රට සහ ජනතාව යළිත් හිස ඔසවිය නොහැකි තැනකටම පත්වීමට ඉඩ ඇත. නමුත් තවමත් එන්නත්කරණය සඳහා අවුරුදු 20-30 කාණ්ඩයේ යම්කිසි මන්දගාමී ස්වරූපයක් පෙන්වන අතර,සයිනොෆාම් එන්නත පිළිබඳ ගෙන ගිය ව්‍යාජ ප්‍රචාරයන්ට හසුවූ පිරිස මේ අතර බහුතරයක් ඇත. නමුත් මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදය පවා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ සයිනොෆාම් එන්නත් ලබා ගත් පුද්ගලයන් සඳහා කිසිදු ප්‍රශ්ණයකින් තොරව එම රටට ඇතුළු විය හැකි බවයි. එබැවින් අනියත බියක් මෙම එන්නත් “නාමය” වෙනුවෙන් ඇතිකර ගැනීම ඉතාමත් අනුවණ කමකි.හැකිවූ විගස ප්‍රථම අවසතාවේදීම තම එන්නත ලබාගෙන රජය මේ ගෙනයන වැඩපිළිවෙළට සහය වන්න.

මේ අවස්ථාව වනවිට ෆයිසර් එන්නත හැර අප රටට අවශ්‍ය වන සියලුම එන්නත් මෙරටට රැගෙනවිත් අවසන් අතර, ඉදිරියේ දී ෆයිසර් එන්නත් මාත්‍රා ප්‍රමාණයක් පමණක් ලංකාවට ගෙන්වීමට ඇති බවත් මහාචාර්‍ය චන්න ජයසුමන මහතා අවසයි. විශේෂයෙන්ම විපක්ෂය සහ කඩාකප්පල්කාරී කණ්ඩායම් එන්නත් වල මිල ගණන් පිළිබඳ අනියත සැකයක් ජනතාවගේ හිත් තුළ ඇතිකරමින් සිටින අතර එන්නත් මිලදී ගැනීමේදී කිසිදු වංචාවක් සිදූනොවූ බවත් රට වෙනුවෙන් ගෙන ආ හැකි “හොඳම එන්නත් අඩුම මිලකට” ගෙන ඇති බවත් මහාචාර්‍ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පැවසීය.
එන්නත්කරණය අවසන් වීමත් සමඟ සියලු එන්නත් පිළිබඳ සවිස්තරාත්මකව පැහැදිලි කිරීමක් සිදුකිරීමට රජය බලාපොරොත්තු වේ. මේ අතර රට විවෘත වීමත් සමග බොහෝ පිරිස් වන්දනා ගමන් සඳහා යන බවත් එහිදී විශාල පුද්ගල ඒකරාශී වීම්ද දකින්නට ලැබිණි.මේ ඉවසුවා සේ තව ටිකක් ඉවසුවා නම් රටේ සියලු ජනතාවට එම නිදහස ලැබෙනු ඇත.

මීට සති දෙක තුනකට ඉහතදී රටේ තිබූ තත්ත්වය ජනතාවට කෙමෙන් අමතකව ගොස් ඇත.දිනකට කොවිඩ් රෝගීන් 3000කට ආසන්නව හමුවූ සහ දිනකට කොවිඩ් මරණ 200 පසුකර ගිය රටක් බව අමතකව ගොස්ය.මෙය එතරම් ශුභදායී දෙයක් නො වේ. සංචරණ සීමා කෙමෙන් ලිහිල් වුවත් ජනතාවගේ යුතුකම හා වගකීම වන්නේ ප්‍රසිද්ධ පූජනීය ස්ථාන,අවමඟුල් උත්සව සහ විශේෂයෙන්ම සෙනඟ ගැවසෙන තැන් මඟහරවා ජීවත් වීමට පුරුදු වීමයි.නැතහොත් ඔබ විසින් සමාජයට ලබා දෙන්නේ ඉතාමත් නරක පූර්වාදර්ශකයක් වන අතර මෙම රෝගයේ ඇති මාරාන්තික බව සරල එකක් ලෙස සමාජ ගත කිරීමයි. පරිස්සම් වීම සියලු දෙනාගේ වගකීමයි.එන්නත්කරණය සාර්ථක ලෙස සිදු කරමින් රජය සෑම විටම ඔවුන්ගේ රාජකාරිය මැනවින් ඉටු කරයි.නව රැල්ලකට අත වනා රට අනතුරේ හෙලීමේ අවිය ඇත්තේ ඔබ අතේමය.එයින් අනෙකාද නසා තමාද නැසෙන්නට වෙරදරන්නේද? නැතහොත් සියලු අවි බිම දමා රජය සමග එක්වී මේ මාරයාගේ අඳුරු සෙවනැල්ලෙන් බේරීමට හැකි සෑම උත්සාහයක්ම දරන්නේද?

“වෛරස් වසංගතය මහා ගංවතුරක් වගේ.නොහිතපු මොහොතක පැමිණ හිතාගන්නවත් බැරි විනාශයක් කර නැවත බැස යයි” කොවිඩ් වෛරසයත් එසේමයි. එසේම මෙම වෛරසය හමුවේ ලෝකයේ සියලු කාර්‍යන් අඩපණවී ඇති අතර සැමදා දොරගුළු දමා රට වසා තැබීමටද නොහැක.එයින් ආර්ථිකයට සහ රටේ ජීවනාලිය බදු ලක්ෂ 45 ක පාසල් දරුවන් අසරණ කිරීමට තවදුරටත් නො හැක.මෙය සෑම වැඩිහිටියකුම ගැඹුරින් තේරුම් ගත යුතු කාලය එළැඹ ඇත.
වත්මන් නායකත්වයට සහ සෞඛ්‍ය අංශයට හැකිවන්නේ එන්නත්කරණය සහ උපදෙස් දීම පමණමයි .කොවිඩ් පැරදවීමේ තීරණය ඔබ සතුයි.  (රෂිකා සඳමාලි හෙන්නාය)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්