Nov
1

දුම්රිය සංඥා පද්ධතියේ ප්‍රධාන කේබලය කැලණියේ දී කපලා – රාගම දුම්රිය අනතුරට හේතුව හෙළි වේ.

 
975 Views
   
 

දුම්රිය සංඥා පද්ධතියේ ප්‍රධාන කේබලය කැලණිය පාලම අසලදී කිසියම් පුද්ගලයෙකු විසින් කපා දමනු ලැබ තිබූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව ය.

මෙම ක්‍රියාව සම්බන්ධයෙන් සොයා බලා සැකකරු අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීමට පියවර ගන්නා බව ද ඔහු පැවසීය.

මෙම කේබලය දුම්රිය සංඥා පද්ධතිය පවත්වාගෙන යාම සඳහා බෙහෙවින් වැදගත් බව ද ඔහු සඳහන් කළේ ය.

මේ හේතුවෙන් අද පෙරවරුවේ දුම්රිය දෙකක් ගැටුණු අතර සංඥා පද්ධතිය බිඳ වැටීමක් ද සිදු විය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, කපා දමා තිබූ කේබලය අද පස්වරුවේ යථාතත්ත්වයට පත් කළ බව ය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්