Nov
3

ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල වනිඳු හසරංග අංක 01ට

 
8 Views
   
 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වනිඳු හසරංගට හිමි වී තිබේ.

ඔහු මේ දක්වා T20 ජාත්‍යන්තර තරග 32කදී කඩුලු 50ක් දවාගෙන තිබේ.

මේ වසරේදී ඔහු මේ වන විට පන්දු වාර 20 තරගවලදී වැඩි ම කඩුලු ලාභියා බවට ද පත්ව සිටින අතර වසරේදී බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 34කි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානයේ සිටි දකුණු අප්‍රිකාවේ ටැබ්රෙයිස් ශම්සිට දෙවන ස්ථානයට පත්ව සිටී.

මේ අතර, වනිඳු හසරංග T20 තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ද 8 වන ස්ථානයේ සිට 4 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

 

මෙන්න බලන්න තවත් ගොසිප්