Feb
14

කතරගම දේවාලයේ කපු මහතෙකු සමගින් විවාහ වී තෙවන වරටත් උතුම් මව් පදවිය ලැබූ භාග්‍යා ගුරුසිංහගේ කැදැල්ල

 
12665 Views
   
 

භාග්‍යා ගුරුසිංහ කියල කියන්නේ ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය කාලයක් සුවිශේෂී ලෙසින් ජනප්‍රියත්වයට පත්ව සිටි දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක්. ඇත්තෙන්ම ඇයට කාලයක් පුංචි තිරය තුළ බොහෝ දෙනකුගේ ආදරය වගේම ආකර්ෂණය හිමිකර ගැනීමට හැකියාව ලැබෙනවා. කොහොම නමුත් විවාහ දිවියට ඇතුළත් වීමත් සමග ඇයව අපට වැඩිය කලා ක්ෂේත්‍රය තුළ දැකගන්නටනම් ලැබෙන්නේ නැහැ. ඇත්තෙන්ම භාග්‍යා ටිකෙන් ටික කලාවෙන් සමුගන්නේ විවාහ ජීවිතයට එළඹීමටත් පෙර සිටමයි. ඒ ඇගේ පවුල් ජීවිතයට මුල් තැන ලබා දීමටයි

කොහොමහරි ඉතින් මේවෙනකොට කලාව තුළින් අපට දැකගන්නට නොලැබෙන ඇගෙන්ම ඒ පිළිබඳ අසන්නට හිතුවා. ඉතින් අපි ඒ පිළිබඳ ඇගෙන් අහපු වෙලාවේ ඇය ලබාදුන්නේ මේ වගේ පිළිතුරක් ” ඔව් මම මේ වෙද්දි වෙලා ඉවරයි. මම කලාවෙන් අයින් වුණේ විවාහ වෙන්නත් පෙර ඉඳලා. කොහොම වුණත් මාව දැන් රංගනයෙන් දකින්න ලැබෙන්නේ නැහැ. මොකද මම ගෘහ ජීවිතයට මුල් තැන දීලා තමයි තියෙන්නේ.” කියලයි

ගෘහ ජීවිතයට මුල්තැන දීල කටයුතු කරන ඔබේ පවුල් ජීවිතය කොහොමද ?

මේ වෙද්දි මම දරුවන් දෙදෙනකුගේ ආදරණීය මවක්. ඉතින් දරුවෝ දෙන්නයි ගෙදර වැඩ එක්කයි මගේ කාලය ගෙවිලා යනවා. ගෙදර වැඩ සේරම වගේ කරන්නෙ මම තමයි. මගේ සැමියා කතරගම කපුමහත්තයෙක්. එයත් ගොඩක් කාර්යබහුල කෙනෙක්. කොහොම වුණත් ඉක්මනින් කසාද බැඳලා දරු සුරතල් බලන නිසාම මට හිතුනා මේ ජීවිතේ හොඳයි කියලා

අපිටනම් ආරංචි ඔබ කලාවෙන් ඈත්වෙලා හිටියත් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා කියලයි. ඒක ඇත්තක්ද ?

ඔව් ගෙදර වැඩ කරන අතරේ විවේකයක් ලැබෙනවා. ඉතින් මේ අතරේ මගේ නංගිත් එක්ක එකතු වෙලා ඇඳුම් නිර්මාණ කරනවා. අපි online order පවා බාරගන්නවා

ඔබ විවාහවෙන්නේ කපු මහතෙකු සමගිනුයි. ඉතින් මහත්තයා කපු මහතෙක් නිසාම ඔබ කෑම ගැන සැලකිල්ලක් දක්වනවාද ?

ඔව් අපි දේවාලෙට යද්දි නිර්මාංශව තමයි යන්නේ. මස් මාළු කන්නේ නැහැ. හැබැයි අනිත් දවස් වලට විශේෂයක් නැහැ. කොහොම වුණත් විවාහ වුණාට පස්සේ මගේ බර කිලෝ 80 කින් වගේ වැඩි වුණා. මේ නිසා මම ඇඟ හදාගන්න උත්සාහ කරද්දි ද කෑම ගැන සැලකිලිමත් වෙනවා

කොහොමහරි ඉතින් ඇය අවසාන වශයෙන් කියා සිටියේ නැවත කලාවට සම්බන්ධ වීමට තමන්ට බලාපොරොත්තුවක් නැති බවයි. ඒ වගේම තමන් දරුවන්ට මුල්තැනදී කටයුතු කරන නිසාවෙන්ම දරුවන්ගේ කටයුතු කරමින් ජීවිතයේ ඉදිරිය ගත කරන බවයි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්