Oct
25

දඹුල්ලේ විදුහලක පන්ති කාමර වල හුඹසුත් බැඳලා

 
1012 Views
   
 

පළමු වසරේ සිට පස්වෙනි ශ්රේණිය දක්වා විදුහල්වල පන්ති පැවැත්වීම සඳහා දින තීරණය කිරීමත් සමඟ මව්පියෝ කාලය වෙන් කරවාගෙන දරුවන්ගේ පන්ති සහ විදුහල් පිරිසුදු කිරීමේ ක්රියාවලිය මේ දිනවල සිදුකරමින් පවතිනවා.

ඒ අනුව දඹුල්ල කනිෂ්ඨ විද්යාලයේ දෙමව්පියෝ පිරිසක් ඊයේ (24) දින උදෑසන සිටම තම දරුවන්ගේ පන්ති කාමරය පිරිසිදු කිරීමේ කටයුතු සිදු කළ අතර අද දිනයේ දී පාසලට පැමිණෙන සිසුන්ට දෑත් සේදීමේ කටයුතු සඳහා අවශ්ය පහසුකම් ද සලසමින් සිටියා.

මේ අතර ඇතැම් පන්ති කාමර විශාල කාලයක් වසා දමා තිබීම හේතුවෙන් කාමර තුළම වේයන් විසින් විශාල තුබස් බැඳි ඇති ආකාරයක් දැක ගැනීමට හැකි වී තිබෙනවා.

මවුපියන් විසින් උදලු උපයෝගී කරගෙන ඒවා කඩා පන්ති කාමරවලින් ඉවත් කළ බවයි වාර්තා වන්නේ.

මාස ගණනාවකට පසුව දරුවන් පාසල් යැවීම පිළිබඳව මවුපියෝ තම සතුට පල කරන්නට වූ අතර ඔවුන් කියා සිටියේ පාසල් පැමිණීම සඳහා දරුවන් දැඩි උනන්දුවකින් පසුවන බවයි.

දරුවන්ගේ අධ්යාපනය සඳහා මවුපියන් තමන්ගේ වගකීම් ඉටුකරන බවයි දෙමව්පියන් පැවසුවේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්