Nov
28

ගැසට් එකේ එක පිටුවක මුද්‍රණ වියදම රු.10 ක් – මුද්‍රණාලයාධිපති

 
1009 Views
   
 

රජයේ මුද්රණාලය මගින් පරකාශයට පත් කරන ගැසට් පතරයක එක් පිටුවක් මුද්රණය කිරීම සඳහා රුපියල් 10 ක පමණ වියදමක් දැරීමට සිදුවන බව රජයේ මුද්රණාලයාධිපති ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය.

ඒ අනුව ගැසට් පතරයකට වැය වන මුදල පිටපත් සංඛ්යාව සහ පිටු සංඛ්යාව අනුව වෙනස් වන බවද ඇය කීවාය.

රජය ගනු ලබන තීන්දු තීරණ, බඳවා ගැනීම් ඇතුළු අත්යවශ්ය කරුණු සෑම සිකුරාදා දිනකම නිකුත් කරනු ලබන ගැසට් පතරය මගින් පරකාශ කරන බවත්, රජය ගෙන තිබූ තීරණයක් කඩිනමින් වෙනස් කිරීම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කළ යුතු නම් එවැනි ගැසට් පතර දවසේ ඕනෑම වේලාවක මුද්රණය කිරීමට මුද්රණාලය සූදානමින් සිටින බවත් ඇය කීවාය.

රජයේ මුද්රණාලය පැය 24 පුරාම සිය රාජකාරි ඉටුකිරීමට සේවකයන් සූදානම් කර තිබෙන ආයතනයක් බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

 

– දිවයින ඉරිදා සංග්රහය –

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්