Sep
27

සෞඛ්‍ය සේවකයින්ගේ වර්ජනය ඇරඹේ..දිස්ත්‍රික් කිහිපයකට අනතුරු අඟවයි

 
517 Views
   
 

සෞඛ්‍ය අංශය නියෝජනය කරන වෘත්තීය සමිති කිහිපයක් අද (27) උදෑසන 7 සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. දහවල් 12 දක්වා පැය 05ක කාලයක් එම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමය පැවසීය.

එහි ස‍භාපති සමන් රත්නප්‍රිය මහතා පවසන්නේ ඊට වෘත්තීය සමිති 44ක් සහභාගී වන බවය. සෞඛ්‍ය සේවකයින් මුහුණදී ඇති ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සිදුකරන බවද‍ සමන් රත්නප්‍රිය මහතා පැවසීය. මේ අතර දිස්ත්‍රික්ක 05ක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ. ගාල්ල, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය සහ නෙළුව යන ප්‍රදේශ සඳහාත් කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ රුවන්වැල්ල යන ප්‍රදේශ සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්