Oct
20

වයඹට ජලය

 
571 Views
   
 

සෞභාග්‍යයමත් දේශයක් කරා යන ගමනේදී වාරි ක්ෂේත්‍රයට හිමිව ඇත්තේ සුවිශේෂී අවධානයකි.වයඹ ජනතාවගේ පානීය ජලය හා වගා ගැටලුවට පිළියම් ලබාදෙන වයඹ පලාත් “මහඇළ” ව්‍යාපෘතිය කඩිනමින් ජනතා අයිතියට පත් කිරීම රජයේ අපේක්ෂාවයි. මහවැලි සුරක්ෂිතතා ආයෝජන වැඩ සටහන යටතේ වාරිමාර්ග අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය ඉතා සුවිශේෂී ව්‍යාපෘතියකි.

මහවැලි කලාපයන්ට එකතු වන අලුත්ම කලාප දෙකෙන් එකක් ලෙස මහවැලි M කලාපය හැඳින්විය හැක.එම කලාපයේ ඉතා සුවිශේෂී සංදිස්ථානයක් වන “මහකිතුල”ජලාශයේ වේල්ල මේ දිනවල කඩිනමින් ඉදිකෙරෙමින් පවතී.මහවැලි ජලය වයඹ ජනතාවට අරගෙන එන මෙම දැවැන්ත සංග්‍රාමයේ වැඩ වේගයෙන් නිම වෙමින් පවතී.
මෙම වේල්ල නිමවීමේදී කිව යුතු ඉතා සුවිශේෂී කාරණා කීපයක් ඇත.එනම් මෙය නිමවීමට කිසිදු ආකාරයකින් සිමෙන්ති ,යකඩ වැනි දෑ පාවිච්චියට නොගන්නා අතර සියල්ල සිදුවන්නේ “කිරිමැටි”යොදාගෙනය.එය ඉතාමත් සුවිශේෂී කරුණකි .මහි පාදම් සකස් කිරීමේ සිට සියලු දේ මේ ආකාරයට කිරිමැටි යොදා ගනිමින් ආරක්ෂිත සිදුකරයි.
එසේම විදේශීය තාක්ෂණික සහයත් සමග අපේම රටේ එනම් දේශීය ඉන්ජිනේරුවරුන්ගේ දායකත්වයෙන් මෙම ප්‍රධාන වේල්ලේ සිට සියලු ඉදිකිරීම් කටයුතු කරගෙන යනු ලබයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජල දුෂ්කර පළාත් වලට මහවැලි ජලය 90km ක දුරක් ඇල මාර්ගයක් ඔස්සේ රැගෙන යාම මෙහිදී මූලික ලෙස සිදුවන අතර එම රැගෙන යන ජලය වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ජලාශ 8කට සහ කුඩා වැව් 350 ක් සඳහා එල්ලංගා පද්ධතිය යටතේ ජලය ලබා දීම මෙහි ප්‍රධානම අරමුණ වේ. විශේෂයෙන්ම,පොල්පිතිගම ,ඇහැටුවැව ,අබන්පොළ,මහව,ගල්ගමුව යන ප්‍රදේශය ආවරණය කරමින් මෙම ව්‍යාපෘතිය සැකසී ඇත. ජලය නොමැතිව මිනිසාට ජීවනෝපාය ගෙනයාමට නොහැකි අතර එය මහත් දුෂ්කරතා රැසකට හේතුවක් ද වේ.වයඹ පලාතේ ජනතාව මේ දුෂ්කරතා සියල්ලන්ටම මුහුණ දෙන පිරිසක් බවට පත්ව තිබූ මොහොතක මෙවැනි ජල යෝජනා ක්‍රම ආරම්භ කිරීම මිල කල නොහැකි අමිල සේවයකි.ඔවුනට තිබූ ප්‍රධාන ගැටලු වූයේ පානීය ජල ප්‍රශ්නය සහ පිරිසිදු ජලය නොමැති හේතුව මත වකුගඩු රෝග බහුල වීම ආදියයි.

ඒ සියලු ප්‍රශ්න සඳහා විසඳුමක් ලෙස මෙම දැවැන්ත ජල ව්‍යාපෘතියෙහි වැඩ ඉතාමත් ඉක්මනින් නිමවීමට නියමිත ඇති අතර එමගින් දුෂ්කර ජීවිතයක් ගෙනයන ගැමි ජනතාවගේ ජල ගැටලු සියල්ලම පාහේ අවසන් වනු ඇත. අනාගතයේ දවසක රජය විසින් මෙම වාරි කර්මාන්ත පිළිබඳ පාසල් දරුවන්ගේ පෙළපොත් සඳහා ඉතාමත් අලංකාර රූප සමගින් ඇතුලත් කිරීමට බලාපොරොත්තු වේ. “මහවැලිය සහ ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තය “ලෙස ඉතාමත් වැදගත් තොරතුරු ඇතුලත් වේවි.එතුලින් රටේ සියලු ජනතාවට ද මේ පිළිබඳව තොරතුරු රැසක් දැකගත හැකිවේවි.එයින් රට පිළිබඳ ඇති අභිමානය තවත් වැඩිවනු ඇත. (රෂිකා සඳමාලි හෙන්නාය)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්