Mar
12

” මම හිතන විදිහට ක්ෂේත්‍රයේ කෙනෙක් එක්ක පවුල් ජීවිතයක් ගත කරන්න හරි අමාරුයි” ටීනා ශනෙල් කියන කතාව

 
522 Views
   
 

ටීනා ශනෙල් කියල කියන්නේ ලංකාවේ අපේ නිරූපණ ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් කැපී පෙනෙන නිරූපණ ශිල්පිනියක්. කොහොම නමුත් නිරූපණ ශිල්පිනියක ලෙස මේවෙද්දී ඉහළ ජනතා ආකර්ෂණයක් හිමිකරගෙන ඉන්න ඇයව අපට වර්තමානයේ පුංචි තිරය ඔස්සේද දැකගන්නට ලැබෙනවා. ඒ සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යය තුළින් වන අතර මේවෙද්දී ඇය පුංචි තිරය තුළින් වගේම සිනමාව තුළිනුත් අපට දැකගන්නට ලැබෙනවා

කොහොම නමුත් ටීනා කියල කියන්නේ වෘත්තීමය වශයෙන් නිරූපණ ක්ෂේත්‍රයේ නියැලුණු කෙනෙක්. ඉතින් ඒ හේතුව නිසාවෙන්ම අපට ඇයව විවිධාකාර විලාසිතාවන් සමගින් දැකගන්නට ලැබෙනවා. ඉතින් ඇය ඇගේ විලාසිතාවන් ගැන අදහස් දක්වමින් කියන්නේ

“මෙහෙමයි විලාසිතා කියන්නේ මගේ ඇඟේම තියෙන දෙයක් මම කැමති විදිහටයි නිර්මාණ ශිල්පීන් ලවා මම මගේ විලාසිතා නිර්මාණය කර ගන්නේ. ඒ විලාසිතා අනුගමනය කරන අය කොපි කරන අය ඉන්නවා ඒ ගැන මට ගොඩක් සතුටුයි. මගතොටේදී හම්බෙන අය කියනවා ඔයා අඳින විදිහට අපි කැමතියි ඒ විලාසිතා අපිත් කරනවා කියලා.” කියලයි

කෙසේවෙතත් ටීනා කියල කියන්නේ සමාජශීලී චරිතයක්. ඇත්තෙන්ම බොහෝදුරට කලාව තුළ පැවැත්මක් තිබෙන්නේ අනිවාර්යෙන්ම සමාජශීලී විදිහට ඉන්න අයට තමයි. ඉතින් ඒ ගැන අදහස් දක්වමින් ඇය කියන්නේ මෙහෙම කතාවක්

“පුද්ගලික ජීවිතයේ මම සාමාන්‍යයෙන් සාදවලට යන මත්වෙන දේවල් පානය කරන කෙනෙක් නෙවෙයි. දැන් ඉන්න නිරූපිකාවන් එක්ක ගත්තහම මම අනවශ්‍ය දේවල් කරන නිරූපිකාවක් නෙමෙයි. මම හැම කෙනෙක්ම යාලුවෝ විදිහට තෝර ගන්න කැමති කෙනෙක් නෙවෙයි කෙනෙක් මට ආශ්‍රය කරන්න ඕන නැහැ කියලා හිතුනොත් මම ඔවුන් ආශ්‍රය කරන්නේ නැහැ.”

ඒ විදිහට අදහස් දක්වන ටීනා මේවෙද්දී තවමත් ගත කරන්නේ තනිකඩ ජීවිතයක්. ඉතින් ඇගෙන් විවාහය පිළිබඳ අහපු අවස්ථාවක ඇය අදහස් දක්වමින් කියල තිබුනේ මෙහෙම කතාවකුයි

“මට දැන් ආදරේ කරන්න පෙම්වතෙක් නැහැ. ක්ෂේත්‍රයේ කෙනෙක් මට ගැළපෙන්නෙ නැහැ කියලා මම හිතනවා . මම හිතන විදිහට ක්ෂේත්‍රයේ කෙනෙක් එක්ක පවුල් ජීවිතයක් ගත කරන්න හරි අමාරුයි. මම කැමති සාමාන්‍ය විදිහට ජීවත් වන කෙනෙක් මට මට ලැබෙනවා නම්. ඒ වගේම මම මෙතෙක් ආදරේ කළ අය ධනවත් අය නෙවෙයි. මම තමයි ඒ ගොල්ලන්ටත් වියදම් කරලා තියෙන්නේ. මම මුදල් පසුපස යන කෙනෙක් නෙවෙයි.”

ඉතින් මේ විදිහට අදහස් දක්වපු ඇගේ ඉදිරි වැඩකටයුතු සියල්ල වගේම අනාගත බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල අපි හදවතින්ම සුභපැතුම් එකතු කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්