Jun
11

අයි.ඩී.එච්. රෝහලේ සියළුම ඇඳන් පිරිලා

 
1231 Views
   
 

කොවිඩ් රෝගීන්ගෙන් අයි.ඩී.එච් රෝහල පිරී ගොස් ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පැවසීය. රෝහලේ කොවිඩ් ආසාදිතයන් 160 දෙනෙකු මේවනවිට ප්‍රතිකාර ලබන බවද ඔහු සඳහන් කළේය . රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රෝගීන් අට දෙනකුට ප්‍රතිකාර ලබා දිය හැකි වන අතර එම සියලුම ඇඳන් මේ වනවිට පිරී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .

කොරෝනා ආසාදනයවී බරපතළ සංකූලතා සහිත අයට ප්‍රතිකාර ලබා දෙන්නේ කොළඹ අයි ඩී එච් රෝහලෙනි. කිසියම් තදබදකාරී තත්වයක් මතු වී තිබුණද සියලු දේ කළමනාකරණය කර ගනිමින් රෝහලේ කටයුතු පවත්වාගෙන යන බව එහි අධ්‍යක්ෂවරයා කීය. රෝහලේ ඔක්සිජන් ප්‍රශ්නයද විසඳාගෙන ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

 

newday.lk

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්