Nov
25

වෛද්‍යවරුන්ගේ ආදායම් බදු අඩු කර දෙන්නැයි පාදෙණිය අගමැතිගෙන් ඉල්ලලා

 
1408 Views
   
 

වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ගෙන් ආදායම් බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්නැයි විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා එම ඉල්ලීම සිදුකර තිබුණේ, අද (25) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අගමැතිවරයා සමග පැවති සාකච්ඡාවකදී ය.

වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ගෙන් ආදායම් බදු අය කිරීමේදී යහපාලන කාලයේ පැවති ප්‍රතිපත්තිය වෙනුවට මහින්ද රාජපක්ෂ යුගයේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නැයි එහිදී ඉල්ලා තිබිණි.

12%ක්ව පැවති ආදායම් බදු අනුපාතය යහපාලන ආණ්ඩුවෙන් 24%ක් දක්වා වැඩි කර ඇති බව වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පෙන්වා දී තිබේ.

අදාළ ගැටලු නිරාකරණය සම්බන්ධයෙන් පියවරක් ගැනීමට ඊට අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡාවක් සූදානම් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්