Oct
25

කාබනික පොහොර නිෂ්පාදනයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දායකත්වය

 
557 Views
   
 

අක්කර 6 වගේ විශාල බිමක කාබනික පොහොර වවල සාර්ථක වුණ අපේ රටේ ගොවියෙක් ගැන කුලියාපිටිය ප්‍රදේශයෙන් පසුගිය දවසක වාර්තා වුණා. ඔහු විවිධ භෝග වර්ග වවල විතරක් නැවතිල නෑ. ඔහුගෙ ගෙවත්තෙ අද කතිකාවක් වෙලා තියෙන කාබනික පොහොර නිෂ්පාදනයෙත් යෙදෙන ආදර්ශමත් ගොවිමහතෙක්. එම වගා බිම බලන්න ජනාධිපතිතුමත් ගිය පුවතකුත් අපි මාධ්‍ය තුලින් දැක්ක. විවිධ ගොවි සංවිධාන උද්ඝෝෂණ කරනව රසායනික පොහොර ඉල්ලල. රජය පැත්තෙන් සහතික වෙනව කාබනික පොහොරින් අස්වන්න අඩු වුණොත් වන්දි දෙනව කියල. රජය පැත්තෙන් ගෙන යනු ලබන මේ වැඩපිලිවෙලට ඔවුන් පූර්ණ සහයෝගය දියයුතු බව තමා අපේ අදහස. යුගයේ අවශ්‍ය තාවය සපුරමින් කාබනික පොහොර නිෂ්පාදනයට ගුවන් හමුදාවේ දායකත්වය ලබෙමින් පවතින පුවතකුත් අපිට වාර්තා වෙනව.

ඒ තමා ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තියට අනුව හරිත රටක් වස විසෙන් තොර හෙටක් සංකල්පය යථාර්තයක් බවට පත්කිරිම තුලින් නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න අනාගත පරපුරක් බිහිකිරිම වෙනුවෙන් රසායනික පොහොර භාවිතයෙන් ඉවත්ව කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරිමේ අරමුණින් ගුවන් හමුදාධිපති තුමන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක ගුවන් හමුදා කාබනික පොහොරෙ නිෂ්පාදනය ව්‍යපෘතිය ශ්‍රී ලංකා ගුවන් හමුදා වන්නි රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේ දි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2021 ඔක්තොම්බර් මස 22 වන දින නිල වශයෙන් ආරම්භ කරන ලද පුවත. තව දුරටත් ඒ පුවතෙ මෙහෙම සදහන් වෙනව. ශ්‍රී ලංකා ගුවන් හමුදා විධායක කෘෂි ඒකකයේ පුර්ණ අධික්ෂනය යටතේ ක්‍රියාවට නංවනු ලබන මෙම ව්‍යාපෘතිය මගින් මුලික අදියරේදි කාබනික පොහොර ටොන් 25 පමන ප්‍රමාණයක් නිෂ්පාදනය කිරිමට සැලසුම් කර ඇති අතර ක්‍රමානුකූලව එය තවත් වර්ධනය කිරිමට අපේක්ෂා කරනු ලබන අතර නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොර ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන කෘෂි ඒකකයන් හි ප්‍රයොජනය සදහා යොදා ගැනිමට නියමිත අතර කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා ගොවි මහතුන් වෙත ලබාදිමට ද නියමිතව ඇත.

ඇත්තටම මේ සිද්ද වෙන්නෙ යුගයේ අවශ්‍යතාවයක් කිව්වොත් නිවැරදියි. රටේ සිදුවෙන ඕනෑම සාර්ථක දෙයකට අපේ හමුදාව සක්‍රීය වශයෙන් දායක වෙන පුවත් අතරේ මේ පුවත සුවිශේෂයි. අපි එහෙම කියන්නෙ අපි හොදටම දන්නව කාබනික පොහොහොර සංකල්පය ඉදිරි අනාගතයෙදි අපේ රටේ ස්ථිරයෙන්ම සාර්ථක වෙන බව. (යූ. දේවප්‍රිය)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්