Dec
23

“ලබන ජනවාරි 18 තීරණාත්මක දවසක්” – රුවන් විජයවර්ධන

 
2024 Views
   
 

ලංකාව බංකොලොත් වෙමින් පවතින රටක් බවට ජාත්යන්තර ණය ශ්රේණිගත කිරීමේ ලොව ප්රමුඛ ආයතනයක් වන Fitch Ratings ආයතනය පවසන දේ බොරු යැයි කීමට ආණ්ඩුව දැඩි උත්සාහයක නිරතවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය නායක රුවන් විජයවර්ධන පවසයි.

රටේ දැනට පවතින විදේශ සංචිත ගත් විට ලබන ජනවාරි 18 වැනිදා තීරණාත්මක බව කී විජේවර්ධන මහතා එදිනට ඩොලර් මිලියන 500ක ණයක් ගෙවීමට තිබෙන බවද කීවේය. රට බංකොලොත් වීමේ ප්රතිඵල පෙන්වා දෙමින් මේ වන විට රටේ කිරිපිටි හිඟයක් නිර්මාණය වී ඇතැයිද ඒ මහතා පෙන්වා දුන්නේය.

බදුල්ල දිස්ත්රික් එක්සත් ජාතික පක්ෂ ක්රියාකාරීන් වෙනුවෙන් පසුගියදා zoom තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් රුවන් විජයවර්ධන මහතා මේ බව ප්රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජයවර්ධන මහතා මෙසේද කීය.

මේ වන විට රටක් ආර්ථික අර්බුදයක් කරා ගමන් කරනවා. රටේ විදේශ සංචිත ප්රමාණය ඩොලර් බිලියන 1.5 දක්වා අඩුවෙලා. ඒ අතර අපිට ලබන ජනවාරි 18 වනදා වෙනකොට ඩොලර් මිලියන 500ක ණයක් ගෙවන්න තියෙනවා. ඉන්ධන ගෙන්වන්න තියෙනවා. බෙහෙත් ගෙවන්න තියෙනවා. ඒ වගේම තවත් අත්යවශ්ය භාණ්ඩ ගෙන්වන්න තියෙනවා. ඒ සියල්ලටම මුදල් ගිය පසු ණය ගෙවන්න මුදල් ඉතිරි වෙන්නේ නැහැ. 

මේ සියලු ප්රශ්න එන නිසා තමයි අපි මුලින්ම ආණ්ඩුවට කිව්වේ ජාත්යන්තර මූල්ය අරමුදලට යන්න කියලා. අපේ නායකතුමා මේ කතාව දිගින් දිගටම කියනවා. ආර්ථික අරබුදයේ ප්රතිවිපාක දැනටම පේන්න පටන් අරන් තියෙනවා. දැන් කිසිදු රටක් ලංකාවට ක්රෙඩිට් පහසුකම යටතේ භාණ්ඩ දෙන්නේ නැහැ. ඒ නිසා කිරිපිටි එන්නේ නැහැ. ඔෟෂධ එන්නේ නැහැ. ඉන්ධන ගේන්න සල්ලි නැත්තේ ඇයි කියලා ඛනිජ තෙල් ඇමති උදය ගම්මන්පිල පවසනවා. 

ජනවාරි මාසයෙන් පස්සේ රටේ තෙල් නැතිව යෑමේ අවදානමක් උද්ගත වෙමින් තිබෙනවා. රටක් කොහොමද මෙහෙම ඉස්සරහට යන්නේ. එක පැත්තකින් ඉන්න විදිහක් නැහැ. අනෙක් පැත්තෙන් ගල් අඟුරු ගේන්න විදියකුත් නෑ. ගල් අඟුරු නැති වෙනවා කියන්නේ විදුලි අර්බුදයක් එනවා කියන එකයි. මොකද රටේ විදුලි අවශ්යතාවයෙන් වැඩිම මෙගා වොට් ගණනක් ජාතික පද්ධතියට දෙන්නේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙනුයි. ජනතාව කබලෙන් ළිපට වැටෙන තත්ත්වයක් තමයි උද්ගත වෙලා තියෙන්නේ. දරුවෙකුට කිරිපිටි වේලක් දෙන්න බැරිව අනෙක් පැත්තෙන් මන්දපෝෂණය ඇති වෙන්න ඉඩ තියෙනවා. 

අනෙක් පැත්තෙන් පොහොර ප්රශ්නය නිසා වී අස්වැන්න පහත යමින් තියෙනවා. අනෙක් පැත්තෙන් එළවළු අස්වැන්නත් පහළ ගිහිල්ලා වී වගාව එළවළු වගාව විනාශ වෙනවා කියන්නේ රටේ ආහාර හිඟයක් ඇති වෙනවා කියන එකයි. ලබන වසර තීරණාත්මක වසරක්. වාහන තිබුනට තෙල් නැති විදුලි භාණ්ඩ තිබුනට විදුලිය නැති රටක් උදාවීමේ අවදානමක් අප ඉදිරියේ පේන්න තිබෙනවා. රටේ සම්පත් පිට රට විකුණලා ඩොලර් හොයාගන්න පැලැස්තර ආර්ථික විසඳුම් තමයි ආණ්ඩුව ගෙනවිත් තිබෙන්නේ. අනෙක් පැත්තෙන් තිබෙන ගෑස් ටැංකියක් පුපුරනවා. රටේ මෙච්චර ආර්ථික අර්බුදයක් තිබෙන වෙලාවේ මුදල් ඇමති රටේ නෑ. 

මුදල් ඇමැතිවරයා නිවාඩුවක් ගතකරන්න ඇමරිකාවේ ගිහිල්ලා. වගකිවයුතු මුදල් ඇමතිවරයෙක් කටයුතු කරන්නේ මෙහෙමද ? ඉතාම කණගාටුදායක තත්ත්වයක් රටේ ඇතිවෙලා. රටේ තිබෙන ප්රධාන ප්රශ්නය ඩොලර් හිඟයයි. දැන් රටට ඕනේ ඩොලර් හිඟයට විසඳුම් දෙන්න පුළුවන් අයෙක්. 

ඩොලර් හිඟයට විසඳුමක් දෙන්න පුළුවන් ජාත්යන්තර පිළිගත් නායකයෙක්ට පමණයි. රටේ එවැනි නායකයකුට ඉන්නේ එකම එක පුද්ගලයෙක් විතරයි. ඒ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ පමණයි. ඉන් පිට කිසිවකු බලයට ආවත් මෙය ඩොලර් අර්බුදයට විසඳුමක් නම් ලැබෙයි කියා හිතන්න අපහසුයි.”

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්