
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ බස් රථ දෙකක්, අතරමගදී නවතා එහි රියැදුරන් දෙදෙනා බස් රථ දෙකට මාරු වීමේ සිද්ධියක් ඊයේ (22) උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් වාර්තා වෙයි.
මෙම බස් රථ දෙකෙන් එක් බස් රථයක් ඊයේ උදෑසන 6.30ට කඩවත සිට අම්බලන්ගොඩ බලා පිටත් වී ඇති අතර අනෙක් බස් රථය අම්බලන්ගොඩ සිට කඩවත බලා ගමන් ආරම්භ කළ එකක් බව පැවසේ.
පසුව මෙම බස් රථ දෙක දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර ප්රදේශයේදී අතරමග නවතා රියැදුරන් දෙදෙනා මාරු වී ඇත. අප වාර්තාකරු සඳහන් කළේ, ඉන් බස් රථ දෙකෙහි ගමන් ගත් මගීන් විමතියට හා දැඩි අපහසුතාවට පත්ව තිබූ බව ය.
අදාළ රියැදුරන් දෙදෙනා බස් රථවලින් බැස, මාර්ගය මැද සවිකර ඇති ආරක්ෂිත වැට අසල අනාරක්ෂිත ලෙස රැඳී සිට මාර්ගය හරහා මාරු වී තිබේ.
එහි එක් බස් රථයක අංකය ND-3996 ලෙස සටහන්ව තිබිණි.
01.
02.