Aug
23

බේකරි නිෂ්පාදනවල මිල වැඩිවනවාද නැද්ද? අවසන් තීරණය මෙන්න

 
1391 Views
   
 

බේකරි නිෂ්පාදන මිල වැඩි කිරීමකින් තොර ව පැවති මිලට ම අලෙවි කරන බව පිට පළාත් බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි කැඳවුම්කරු ගාමිණී කන්දෙගෙදර මේ බව කියා සිටියේ නිකවැරටියේ දී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කෙසේ වෙතත් මීට පෙර පාන් මිල අද සිට රුපියල් පහකින් ඉහළ දමන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

ඊට අමතර ව අනෙකුත් සියලු ම බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් සහ කේක් කිලෝවක මිල රුපියල් 100කින් ඉහළ දමන බව එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කර තිබුණා.

මෙන්න බලන්න තවත් ගොසිප්