Apr
12

ඕනිමනන් අපිට ගෝල්ෆේස් එකේ අවුරුදු කන්නත් පුළුවන්- නොනිදන අරගලයේ රැය පහන් කරන රැට්ටා

 
850 Views
   
Anyone-can-eat-New-Year-at-Golf-Face---Ratta-who-lights-up-the-night-in-the-sleepless-struggle  

ආදරණීය අරගල බිමෙහි ආදරය වපුරන තවත් කෙනෙක් තමයි රතිඳු කියලා කියන්නෙ. නැත්නම් හැමෝම දන්න රැට්ටා. සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වන ඔහු වට සෑහෙන පිරිසක් එකතුවෙලා ඉන්නවා. ඒ වගේම තමයි ඔහුද මේ අරගලය අතාරින පාටක් පේන්න නෑ.
මේ රැට්ටා සිය ෆේස්බුක් ගිණුමෙහි තැබූ සටහනක්.

දවස් දෙකක අඛන්ඩ අරගලයෙ පලමු ඵලය අද අපිට නෙලාගන්න ලැබිලා තියනවා !

අද වෙනකොට ගෝල්ෆේස් පාලම උඩ මිනිස්සුන්ට නොතෙමී ඉන්න ටෙන්ට් ටික වැදිල තියනවා. ටොයිලට් ටික හැදල තියනවා.

මිනිස්සුංට එක වේලක්වත් බඩගින්නෙ නොයින්න කොලඹ වටෙං කෑම වතුර ටික ලැබෙනවා.

දැං පිච් එක රෙඩි ගහමු මැච් එක හෙමිං

අද අපි කොච්චර හයියද කියනවනං අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නව,

නීතිඥ සංගමය
කතෝලික සභාව
වෛද්‍යවරු
සියලු වෘත්තීය සංගම් සහ වෘත්තීකයෝ
කැම්පස් කොල්ලො කෙල්ලො ටික

අද රෑත් අපි ගෝල්ෆේස් එකේ 3 වෙනි දවසටත්
ඉස්සරහට තබපු පය පස්සට ගන්නේ නෑ
ඕනනං අපිට ගෝල්ෆේස් එකේ අවුරුදු කන්නත් පුලුවං

‘සැබෑ’ සංවිධානාත්මක අරගලය මෙය නොවේද

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්