Nov
24

රසායනික පොහොර, කෘමිනාශක, වල් නාශක ආනයනයට අද සිට අවසර

 
1747 Views
   
 

රසායනික පොහොර, කෘමිනාශක , වල්නාශක ආනයනය කිරීමට අද (24) සිට අවරස ලබා දෙන බව කෘෂිකර්ම අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අමාත්යවරයා මේ බව සඳහන් කළේ, මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය හමුවේදී ය. ඔහු වැඩි දුරටත් පැවසුවේ, ඊට අදාළව මීට පෙර ඉදිරිපත් කළ ගැසට් නිවේදනයද අවලංගු කළ බවයි.

“2021 අප්රේල් 26 වෙනිදා අතිගරු ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලයට පත්රිකාවක් නිකුත් කළා හරිත කෘෂිකර්මාන්තයක් කරා රට යොමු කිරීමට. ඒ අනුව එම කැබිනට් තීන්දුවට අනුව රසායනික පොහොර, පළිබෝධනාශක, ඒ වගේම දිලීර නාශක, වල් නාශක සම්පූර්ණයෙන් ආනයනය කිරීම තහනම් කිරීම සඳහා ගැසට් පත්රය ඒ සමගම නිකුත් කෙරුණා. මේ තීන්දුව අරගෙන අද වෙනකොට හරියටම මාස හතකට දින දෙකක් අඩුයි.

සියලු අභියෝග හමුවේ මේ පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයට ගොවීන් මහ කන්නයේ හෙක්ටයාර ලක්ෂ අටක් වගා කරන්නට තිබුණත් අද වෙනකොට හෙක්ටයාර් හය ලක්ෂ පනස් දහසක් ගොවිබිම් වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. නමුත් ජනතාවට සංවේදී ආණ්ඩුවක් හැටියට අපි ඊයේ තීන්දු කරා අප්රේල් මස 26 වැනිදා ගැසට් කරන ලද ගැසට් පත්රය අපි විසින්ම ඉවත් කරගන්න.

ඒ අනුව අද දින සිට රසායනික පොහොර පලිබෝධ නාශක සහ දිලීර නාශක ආනයනය කිරීම සඳහා අවස්ථාව ලැබෙනවා. නමුත් හරිත කෘෂිකර්මාන්තය සඳහා වූ රජයේ ප්රතිපත්තියේ කිසිඳු වෙනසක් නැහැ. පෞද්ගලික අංශයට රසායනික පොහොර ආනයනය කරලා විකුණන්න අවස්ථාව ලැබෙනවා. රජයේ හරිත කෘෂිකර්මාන්තය ප්රතිපත්තිය ඒ ආකාරයෙන්ම ක්රියාත්මක වෙනවා.

පොහොර සහනාධාරය, ඒ වගේම අවශ්ය බීජ ලබා දීම, වී සඳහා සහතික මිලක් ලබා දීම, තාක්ෂණය, ඒ සඳහා වෙළෙඳපොළ, ඒ සියල්ල ලබාදෙන්නේ හරිත කෘෂි කර්මාන්තයෙන්. ඒ නිසා රජය හරිත කෘෂිකර්මාන්තය සඳහා සහනාධාර ඇතුළු සියල්ල ලබා දෙන්න කටයුතු කරනවා. රසායනික පොහොර විවෘත වෙළෙඳපොළේ අවශ්ය පරිදි ලබා ගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා.”

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්