Mar
3

පාර්ලිමේන්තු යන්න බලාපොරොත්තුවෙන් හිටපු ජනප්‍රිය රංගන ශිල්පී රොජර් සෙනෙවිරත්න කියන කතාව

 
3674 Views
   
 

මීට වසර ගණනාවකට පෙරදී අපට පුංචි තිරය ඔස්සේ නිරන්තරයෙන් දැකගන්නට ලැබුණු ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි රොජර් සෙනෙවිරත්න කියල කියන්නේ. ඇත්තෙන්ම එලෙස කලකට ඉහතදී නිරන්තරයෙන් කලා ක්ෂේත්‍රය තුළ දැකගන්නට ලැබුණු ඔහුව වර්තමානයේදීනම් අපට ක්ෂේත්‍රය තුළින් දැකගන්නට ලැබෙන්නේ නැහැ. නමුත් එදා ඔහු ලබාගත් ජනතා ආදරය සහ ජනප්‍රියත්වය අදටත් එලෙසින්ම පවතිනවා

කොහොම නමුත් ඔහු සිය රංගන දායකත්වය ලබාදුන්නු නිර්මාණ අතුරින් රන් බැඳි මිනිස්සු ,can you hear me කියන ටෙලි නිර්මාණ අදටත් ඔහුගේ ජනප්‍රියතාවය එලෙසින්ම පවත්වාගෙන යාමට උපකාර කරන නිර්මාණයන් හැටියට හදුන්වන්න පුලුවන්. මේ අතර කලක් වේදිකාව තුළ නිරන්තරයෙන් දැකගන්නට ලැබුණු ඔහු මේවෙද්දී අපට වේදිකාව තුළින් කිසිසේත් දැකගන්නට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ ගැන ඔහුනම් කියන්නේ මෙහෙම කතාවක්

“අද මට තියෙන්නේ ඉතාමත් සීමිත කාලයක්. අන්න ඒ ගැටලුව නිසයි මාව නිතර දකින්න නැත්තේ නැතුව වේදිකාවට ඇලුම් නොකිරීම නිසා නෙවෙයි. ඒක කාලයේ ප්‍රශ්නයක් විතරයි. නමුත් මම වේදිකා නාට්‍යයක් නිර්මාණය කරන්න සැලසුම් කරගෙන යනවා. ඒක අමුතු කතාවක් එනම් ජූලියස් සීසර් ගෙ කතාව. මම හිතන්නේ ඒ කතාව මේ වකවානුවේ කළ යුතු හොඳම නිර්මාණයක් කියලයි.”

කොහොම නමුත් රොජර් කියල කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වගේම සරල ජීවිතයක් ගතකරන නිහතමානී චරිතයක්. ඇත්තෙන්ම සාමාන්‍ය ජීවිතයක් ගතකරන ඔහු බුලත් විටක් හපාගෙන සාම්ප්‍රදායික නළුවෙක්ටත් වඩා එහා ගියපු කෙනෙක් විදිහට තමයි ජීවත් වෙන්නේ. ඉතින් නළුවෙක්ට ඒවගේ ගති පැවතුම් ඔබිනවද කියල ඔහුගෙන් ඇසූවිට ඔහු ලබාදුන්නේ මේ වගේ පිළිතුරක්

“කොහොමටත් මම එහෙම චරිතයක්. විටක් කාලා හොඳට දත් මැද්දහම දත් ටික සුදු වෙනවා. ඊට පස්සේ ඕනෑම චරිතයකට මම ඔට්ටුයි. කොහොමටත් බුලත්විටක් කෑම අවුරුදු හතළිස් ගාණක් තිස්සේ මම කරන දෙයක්. ඒ විතරක් නෙමෙයි මම බොහොම ආසාවෙන් බොන්සායි පැලත් හදනවා. දැන් බොන්සායි පෝච්චි හදන්න පටන් අරන්.”

කෙසේවෙතත් මේ විදිහට අදහස් දක්වපු ඔහුට කලක පටන් පාර්ලිමේන්තු යන්න ඕනේ කියන අදහස තිබිල තිබෙනවා. නමුත් ඒ සදහා තමන්ට ලැබුණු සියලුම අවස්ථා ගිලිහුණා කියලයි ඔහු කියල තිබුනේ. ඒ කොහොම උනත් රොජර් සෙනෙවිරත්න කියල කියන්නේ ඉදිරියේදී සමාජය වෙනුවෙන් වගේම රට වෙනුවෙන් යම් කිසි දෙයක් කරන්න සූදානමින් ඉන්න චරිතයක්. ඉතින් අපිත් මේ සුන්දර රංගන ශිල්පියාට ඔහුගේ සියලු බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්