Apr
22

අපි ගොඩ යයිද ? වැනසෙයිද ?

 
734 Views
   
 

IMF සමග පැවැත්වෙන සාකචිඦා ඊයේ වනවිට ඉතාමත් සාධනීය තත්වයකට පත්වුනා. මූලික වශයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවෙි කැපකරැ මාපියන් වශයෙන් ඉදිරිපත් වීමත්, ශ්‍රී ලංකාව මෑතකදී ගත් මූල්‍ය ප්‍රතිපත්තීන් ඔවුන්ගේ පැසසුමට ලක්වීමත් විශේෂිතය..

සමාන්තරව මූඩි ආයතනය ශ්‍රී ලංකාව තවදුරටත් රේටින්ග්ස් වලින් පහලට දැමීම එකවරම සිදුවුනා..

දැනට පවත්වන සාකචිඦා 24 වනදා දක්වා පැවැත්වෙන අතර එහිදී පහත ඉල්ලීමි සලකා බැලීමට IMF සහ ඉන්දීය නියෝජිතයන් සහතික වී සිටිනවා..

1) කඩිනමි සහ වෙිගවත් මූල්‍ය සමිපාදනයක්….(Rapid Financing Instrument)

2)විස්තීරණ අරමුදල් පහසුකම (Expiditing and Extended Fund Facility)…. IMF දිගුකල අරමුදල් පහසුකමක්.

ඉහතින් සදහන් ක්‍රියාදාමයන් IMF සමිමත ක්‍රියාවලියට අයත් නොවුනත් ඉන්දීය මැදහත් වීම මත එම සහනය ලංකාවට ලබාදීමට කටයුතු කෙරේ….!

වොෂින්ටන්හීදී පැවැත්වෙන මෙම සාකචිජාවලට… IMF ප්‍රධානී ක්‍රිස්ටලීනා ජොර්ජීවා මහත්මියත්, ඉන්දීය මුදල් ඇමතිනිය නිර්මලා සීතාරාමන් මහත්මියත්, ශ්‍රී ලංකා මුදල් ඇමති අලි සබිරි මහතාත්, ප්‍රධාන කොට පැවැත්වෙි..

මෙිවසර තුල ගෙවීමට ඇති ඩොලර් බිලියන 6 ණය වාරිකයත්, 2023 සිට 2026 දක්වා ගෙවීමට ඇති ඩො.බි.25 ක වාරිකයන් සහ ණය ගෙවීමට අවශ්‍ය ප්‍රතිව්‍යූහගත කිරීමි වලට එකඟතාව ලබාගැනීමට අවශ්‍ය සහාය IMF සහ කැපකරැ ඉන්දියාව ලබාදේ..

ඉතා දක්ෂ නීතිවෙිදියකු වන අලි සබිරි මහතා. පහත අවශ්‍යතා මෙහිදී ඉස්මතු කරයි…

දිගුකල මූල්‍ය පහසුකම යටතේ ඩොලර් බිලියන 3 ක් හෝ 4 ක් ඉතා ඉක්මනින් ලංකාවට ලබාගැනීම.
සමිපූර්ණ ණය පියවීම.(කිසිදු අඩුවක් නොමැතිව) නියමිත ප්‍රතිව්‍යූහගත කිරීමෙන් පසුව සිදුකිරීමට ශ්‍රී ලංකාවට හැකි බවද එහිදී සදහන් විය..

වත්මන් බරපතල තත්වය එකවිටම ඇතිවූවක් නොව වසර 10/15 ක පමන කාලයක අඛන්ඩව සිදුවුන වැරදි මූල්‍ය පාලනයන් නිසා ඇතිවූ සිදුවීමකි. මෙහි ප්‍රබල සන්ධිස්ථානයක්වූ යහපාලන කාලයේ සිදුවූ මහබැංකු හොරකම සදහන් කලහැක..අඩුවැඩි වශයෙන් වසර ගනනාවක් පුරාවට දේශපාලකයන් සහ රාජ්‍ය නිළධාරීන් සිදුකල මූල්‍ය වංචා දූෂණ මෙම තත්වය කඩිනමි කලේය.

ගෙවාගත නොහැකි ණය ගැනීම, ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරන නොකිරීම,ආණ්ඩුවෙි මූල්‍ය කටයුතු(ගෙවුමි ශේෂ) පාලනය කර නොගැනීම, පොලී අනුපාත,පාලනයකින් තොරව මුදල් අචිචු ගැසීම..යන කරැනු කාරනා ආර්ථිකයේ මලගම ඉක්මන් කලේය..

රටෙි අවාසනාවට ගෝලීය වසංගතය මෙහි අවසන් ඇනය ගැසීය.විදෙස් සංචිත හිඳීමට වසංගතය මැඩ පැවැත්වීමට සිදුකල අසීමිත වැයප්‍රමානයත් ලොක්ඩවුන් කිරීමට සිදුවීමත්,වර්ජන, විරෝධතා කරමින් වැටුප්වැඩිකර ගැනීමත් හේතුකාරකවිය…

ඉදින් IMF සහාය අපට ලැබෙන බැවින් රටෙි දේශපාලන ස්ථාවරයත්,තෙල්,ගෑස් සහ විදුලිය ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීමත්.
ආනයන සීමාවන් ඉවත්කිරීම සහ විදේශ විනිමය සීමා ඉවත්කිරීමත් අත්‍යාවශ්‍යවේ. එය යථාවත්වීමය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්