Dec
26

“එක තප්පරෙන් ජීවිතේ වෙනස් වෙන්න පුළුවන් – ඒ මොහොතේ මගේ හදවත් නතර වුණා”

 
2692 Views
   
 

මේ දිනවල විකාශනය වන බොහෝ ටෙලි නාට්යවල ඇය එකිනෙකට වෙනස් ප්රධාන භූමිකාව නිරූපණය කරයි. මේ නිසා ඇය බොහෝ දෙනා අතර ජනප්රිය චරිතයක් වී අවසානයි. තාමත් පුංචි තිරයේ පමණක් සිය දක්ෂතා අපූරුවට ප්රදර්ශනය කරන අනුරාධා එදිරිසිංහ මෙවර අපේ කතාබහට එකතු කර ගන්නවා...

දැනට රංගනයෙන් දායක වූ ටෙලි නාට්ය ප්රමාණය විස්සකට ආසන්නයි. ඒ චරිත දිහා හැරිලා බලනකොට පුදුමාකාර තෘප්තිමත් බවක් දැනෙනවා. රඟපාන්න අවස්ථාව උදාවෙන්නේ අහම්බෙන්. මම පත්තරේක කරපු පැෂන් ෂූට් එකක් දැකලා තමයි ‘උතුම් පැතුම්’ නාට්යයට කතා කරන්නේ. මගේ තාත්තා හරිම කැමැත්තෙන් නරඹපු උතුම් පැතැම් නාට්යයෙන්ම මගේ ගමන ආරම්භ කරන්න ලැබීම ලොකු සතුටක්. 

කොළඹින් බැහැර සීතාවක ඉපදෙන අනුරාධාගේ ළමා කාලය හරිම සුන්දරයි… 

මම ඉපදෙන්නේ අවිස්සාවේල්ල ඉස්පිරිතාලේ. තාත්තා අවිස්සාවේලේලේ වුණාට අම්මා හලාවත. නමුත් මගේ ජීවිතේ බොහෝ දේවල් සිද්ධ වෙන්නේ තාත්තගේ ගමේ. මම ඉගෙන ගත්තේ හංවැල්ල රාජසිංහ මහා විද්යාලයේ. නෙට්බෝල්, බැට්මින්ඩන් වගේ ක්රීඩාවලට පුදුමාකාර කැමැත්තක් තිබුණේ. ඒ වගේම ඉස්කොලේ බෑන්ඩ් එකේ සයිඩ් ඩ්රම්ස් ගැහුවා. අවසානයේ බෑන්ඩ් ලීඩර් වෙනකම්ම ඉස්සරහට ගියා. සාමාන්ය පෙළ ඉවර වෙලා උසස් පෙළ කරන්න ගියේ ඇහැලියගොඩ සෙන්ට්රල් එකට. 

තාත්තා පොලිස් සේවයේ නියුතුව සිටි නිසා තාත්තාගේ ගතිගුණ අනුරාධාටත් තිබුණා කියලා තමයි කියන්නේ… 

තාත්තා රැකියාව කළේ පොලිසියේ. අපේ ගෙදර හතර දෙනයි. අම්මා මුලින්ම ගුරුවරියක් ලෙස රැකියාව කළත් විවාහ වුණාට පස්සේ ගෙදර වගකීම් එක්ක රැකියාවෙන් ඉවත් වෙලා තියෙනවා. අපේ අයියා මට වඩා අවුරුදු හතරක් වැඩිමහල් වුණාට හරිම අහිංසකයි. මම තමයි හැම වෙලාවෙම ගෙදර වගකීම් අරගෙන කටයුතු කළේ. සමහරු මගෙන් අහනවා ඔයා අක්කද කියලා.. 

ගෙදර පොලිස් නීතිය ක්රියාත්මක වුණත් ඉස්කෝලේ යන කාලේ ඉඳලාම බොහොම සරල, සැහැල්ලු චරිතයක් වෙන්න අනුරාධාට හැකියාව ලැබුණා.. 

තාත්තා ටිකක් විතර වසයි. හැබැයි පණ ඇරලා අපට ආදරෙයි. අපි ජීවත් වුණේ හංවැල්ල පොලිස් නිල නිවාසවල. තාත්තා නුගේගොඩ රැකියාව කරන කාලෙත් හැමදාම හවසට ගෙදර ආවා. අම්පාරේ වැඩ කරපු කාලේ විතරයි පුංචි කාලයකට අපෙන් දුරස් වෙලා උන්නේ. තාත්තා කොහේ උන්නත් හවසට ගෙදර ආපු නිසා අපිට හංවැල්ලෙම ඉන්න අවස්ථාව ලැබුණා.

ඉස්සර එල්ටීටීඊ කලබල කාලේ පොලිස් නිල නිවාසවලට යාළුවන්ට එන්න අවසර නැහැ. අපිට එළියට යන්නත් අවසර නැහැ. නමුත් ගතවෙච්චි ඒ කාලේ හරිම සුන්දරයි. අපි උදේට පයින් ඉස්කෝලේ යන්නේ. ආපහු ගෙදර එන්නෙත් පයින්. 

එදා ඉඳලාම පොළොවේ පය ගහලා ඉන්න චරිතයක් බවට මම පත්වුණා. මොනවා කළත් අපි තාත්තට මාර බයයි. අයියා කොම්පියුටරේ ඉන්නකොට තාත්තගේ අඩි සද්දේ ඇහෙනකොට ෂට්ඩවුන් නොකර කොම්පියුටරේ වහනවා. මේ බය නිසාම දෙතුන් පාරක් හාඩ් එක පිච්චුණා. මට මතකයි ඉස්සර අපි ටීවී බලන්නේ දොර රෙද්ද අස්සෙන්. ඉස්කෝලේ යනකොට මගේ පස්සෙන් කොල්ලෝ එනවා. මගේ අයියා උන්නේ මට ඉහළ පන්තියේ නිසා මම තාත්තට ඇවිත් කියනවා අයියගේ පන්තියේ කොල්ලෝ මට කරදර කරනවා කියලා. එදාට අයියා ඉඳලා ඉවරයි. එක දවසක් අයියට සතෙක්ගේ නමක් කියලා මට හොඳටම ගැහුවා. එදා විතරයි මම තාත්තගෙන් ගුටි කෑවේ. එදා තාත්තා වැඩට යන්න ගිහින් මගින් හැරිලා ආපහු ආවා. මට ගහපු එකට එයාට දුක හිතිලා. 

දක්ෂතා ගොන්නක් කැටි කරගෙන උන්න අනුරාධත් හීන දැක්කේ තාත්තා වගේම නීති ක්ෂේත්රයේ රැකියාවක් කරන්න.. 

වයලින් වාදනය කරනවා අහගෙන ඉඳලා මට වයලින් එක ප්ලේ කරන්න පුළුවන්. ඒ දක්ෂතාවට හැමෝම පුදුම වුණා. කොච්චර කලාවට ලැදි වුණත් මම හිතාගෙන උන්නේ නීති ක්ෂේත්රයේ රැකියාවක් කරනවා කියලා. හැබැයි මොන රස්සාව කළත් මමත් කවදා හරි විවාහ වුණු දවසකට අම්මා වගේ රැකියාවෙන් අයින් වෙලා මහත්තයාට සලකගෙන ඉන්නවා කියන තීරණයේ උන්නා. නමුත් ඇය හැමදාම විශ්වාස කරන දෛවය ඇගේ ගමන වෙනස් කළා… මුලින්ම මම අවුරුදු දහතුනේදි රූපවාහිනී වැඩසටහනකට දායක වුණා. නමුත් මේ විෂය තෝරා ගනී කියලා තාත්තා හොඳටම අවුල් වුණා. තාත්තට ඕන වුණේ මට හොඳට උගන්වන්න. ඊට පස්සේ අධ්යාපනය ඉවර වුණාම තමා තාත්තගේ යාළුවෙක් මට හදිසි වැඩකට කතා කළේ. ඒ වැඩේට මට අවසර ලැබුණා. දමිතා අබේරත්න අක්කත් එක්ක තමා මම ඒ වැඩේ කළේ. එදා තමා මට රංගනය ගැන ලොකු ආසාවක් ආවේ. 

නමුත් රංගනය ආරම්භ කරනකොටම අනුරාධාට දෛවය ලබාදුන්නේ ලෙහෙසි පහසු වේදනාවක් නොවේ. කොටින්ම ඇය ජීවිතේ පටන් ගන්නකොට ඇගේ ගෙදර පහන නිවී යනවා…

‘උතුම් පැතුම්’ නාට්යයට මම ගොඩක් කැමති වුණේ තාත්තා ඒ නාට්යයට කැමති නිසා. මගේ පළවැනි කොටස් ටික කරලා ගෙදර ඇවිත් තාත්තට කිව්වා ඉදිරියේදි මමත් ඒ නාට්යයේ රඟපානවා කියලා. මම රඟපානවට අකමැති වෙච්චි තාත්තගේ ඇස්වල තිබුණේ පුදුම සතුටක්. නමුත් දෛවය එතරම් සුන්දර වුණේ නැහැ. තත්තා ඇක්සිඩන්ට් වුණා. එතකොට මගේ වයස අවුරුදු විසි දෙකයි. 

තාත්තා කැමතිම නාට්යයේ මම රඟපාන එක කොටසක්වත් බලන්න එයාට වාසනාව ලැබුණේ නැහැ. මාස අටක් තාත්තා සිහිය නැතිව කෝමා තත්ත්වයෙන් රෝහලේ උන්නා. මම හැමදාම ඉස්පිරිතාලෙට ගිහින් අඬනවා තාත්තේ මගේ නාට්යය බලන්න නැගිටින්න කියලා. මොකද එයා ඒ තරම් මට ආදරෙයි. එයාගේ වීක් පොයින්ට් එකක් තිබුණ නම් ඒ මම. ඒත් තාත්තා ඇස් ඇරියේ නැහැ. 

මේ හැම දෙයක්ම බොරු කියලා එදා මට හිතුණා. ප්රාර්ථනා, බලාපොරොත්තු සුන් වෙන්න ගියේ එක තත්පරයයි. මට දැනුණේ මගේ හදවත නැවතෙනවා වගේ.. තාත්තා අපිව දාලා ගිහින් කියලා හිතෙනකොට අදටත් මට පුදුමයි. උතුම් පැතුම් පෙන්වලා ඉවරයි. ඒත් තාත්තා මම රඟපානවා බලන්න ආවේ නැහැ. එදා ඉඳන් මටත් නොදැනීම රංගනය මගේ ජීවිතයේ කොටසක් වුණා. 

ඔන්න ඔය විදිහට තමයි දෛවය අනුරාධාව මෙතැනට අරගෙන ආවේ.. 

රංගන ක්ෂේත්රයේ මට ලැබුණ වටිනාම අවස්ථාව තමයි ‘රාවණා’ නාට්යය. ඒ තුළින් මට ලොකු වටිනාකමක් ලැබුණා. ඒ හරහා ගිරිදේවි. ඒකේ ප්රබල චරිතයක් ලැබෙනවා. මා ප්රථමයෙන්ම රඟපාපු නාට්යයේ සහාය අධ්යක්ෂණය කළ ඉන්දික ධර්මකීර්ති මට ගිරිදේවි තුළ ප්රධාන චරිතයක් දෙන්නේ ඇයි කියලා මම ඔහුගෙන් ඇහුවා. ඔහු කිව්වේ රාවණා එකේ මගේ රංගනය ඔහු දැක්කා කියලා. එතැනින් පස්සේ ‘සකර්ම’ එකේ දෙවැනි දුවගේ චරිතය විශේෂයි. කොයි වෙලෙත් කෑගහලා හිනාවෙලා ඉන්න මම මූණේ හිනා පොදක් නැති බුම්මාගෙන ඉන්න චරිතයක් කළා. මටම හිතාගන්න බැරි වෙනස් චරිතවලින් මගේ රංගන දිවිය මටත් නොදැනීම ආලෝකවත් වුණා.

පොලිස් නිලධාරිනියකගේ දියණියක් වුවත් ගෙදර අයියා වගේ උන්නත් අනුරාධා බය වෙන අවස්ථා දෙකකුත් තියෙනවා.. 

ඒක නම් කියන්නත් ලැජ්ජයි. මම වතුරට මාර බයයි. වතුරට බැස්ස ගමන් හිතෙන්නේ මට මාළු කොටයි කියලා. මාළු කොටලා මාව මැරිලා යයි කියලා. ඒ වගේම ගෙම්බෙක්ව දැක්කත් මගේ පණ යනවා. ගෙම්බෙක් මගේ ළඟට පැන්නත් මම මැරෙයි කියලා මට හිතෙනවා. ඒ තරමට මම ඒ දේවල් දෙකටම බයයි. 

විවේකයක් ලැබුණොත් ඇය ඇසුරු කරන්නේ කලාවට ලැදි දේවල්ම තමයි… 

චිත්රපට බලලා බොහෝ දේවල් එකතු කරගන්නවා. කොරියානු චිත්රපට බලපුවාම ටයිමින් හදාගන්න පුළුවන්. ඒ වගේම තාත්වික රංගනය ඉගෙන ගන්න නම් බලන්න ඕන මලයාලම් චිත්රපට. ස්වභාව දහමේ අපූර්වත්වය අනුරාධා මලයාලම් චිත්රපටවල භාවිත කරනවා. ඒ චිත්රපටවල ඉන්නේ මහ පොළොවේ ජීවත් වන චරිත. වෘත්තීය මට්ටමේ නිළියක් වෙන්න මම බොහෝ දේවල් ඉගෙන ගත්තේ වෙනත් රටවල නිර්මාණ නැරඹීමෙන්. 

කැමරාව ඉස්සරහා නිළියක් වුණත් එතැනින් මිදුණ පසු ඇය මහ පොළොවේ ජීවත්වන සාමාන්ය යුවතියක් පමණයි. ඇය හඳුනන බොහෝ දෙනෙක් ඇගේ මේ සරල බව හොඳින් හඳුනනවා… 

මගේ අනවශ්ය බලාපොරොත්තු නැහැ. ගොඩක් අය කැමරාව නැති තැන රඟපානකොට මම උත්සාහ කරන්නේ කැමරාව ළඟ රඟාපාලා ඉතුරු ටික සතුටින් සැහැල්ලුවෙන් ඉන්න. මගේ කිරි අම්මා මට දවසක් කිව්වා ‘පුතේ අවුරුදු සීයක් ජීවත් වෙනව නම් ධනය, බලය එකතු කරපන්. හැබැයි අපි ජීවත් වෙන අවුරුදු ගාණ අපිවත් දන්නේ නැතුව මොකටද ඔය විච්චූරණ’ කියලා. මම ඒක අත්වින්දා. එක තත්පරේක වෙනසක් නිසා මට තාත්තාව නැති වුණා. කිරි අම්මා අවුරුදු අනූවක් උන්නා. තාත්තා උන්නේ අවුරුදු හැට ගණනක් විතරයි. මම කොයි තරම් කල් ජීවත් වෙයිද කියලා කාටද කියන්න පුළුවන්. ඉතින් බොරු බලාපොරොත්තු මගේ ළඟ නැහැ. පොළොවේ දූවිල්ලක් එක්ක ජීවත් වෙනවා. ඇත්ත තියෙන්නේ එතැන.. තිරය ඉස්සරහා ඉන්නෙ මේකඅප් කරපු අනුරාධා, නමුත් තිරය වැහුවාම ඒ ඔක්කොම හෝදලා ඇත්ත තත්ත්වයට එනවා. ඒ ඇත්ත හරිම සැහැල්ලුයි. ඒ ඇත්තත් එක්ක ඉන්නකොට තමයි හොඳට නින්ද යන්නේ. කොටින්ම මේ මොහොතේ වුණත් මැරෙන්න මම බය නැහැ. මොකද මරණය ඒ තරම් අපිට ළඟයි.

යුවතියකට රංගන ක්ෂේත්රය තුළ ඇති ආරක්ෂාව ගැන බොහෝ දෙනා දරන මතයට වඩා වෙනස් මතයක් අනුරාධා දරන්නේ… 

ඇත්තටම මේක හරිම සුන්දර ක්ෂේත්රයක්. හොඳ මිනිස්සු ටිකක් ඉන්නවා. කෙල්ලෙක්ගේ ආරක්ෂාව වෙන කාට හරි දුන්නොත් තමා ඇය අනාරක්ෂිත වෙන්නේ. හැම යුවතියකගේම ආරක්ෂාව තියෙන්නේ තමන්ගේ අතේ. තමා විසින්ම තමයි අනාරක්ෂිත වෙන්නේ. ඉඟිබිඟිවලට අපිත් ඉඟිබිඟි කළොත් තමයි ප්රශ්න අපිව හොයාගෙන එන්නේ. මට නම් පිරිමි දාහක් මැද්දේ වුණත් වැඩ කරන්න පුළුවන්. මොකද කැමරාව ඕප් කළාම මගේ රංගනය ඉවරයි… 

ඇගේ හොඳම මිතුරිය ශලයි තාරකා ගැනත් පුංචි වචනයක් කතා කරන්න අමතක කළේ නැහැ… 

ජීවිතේ ඉගෙන ගන්න බොහෝ දේවල් ඇති ශලනි තාරකා ළඟින් ඇසුරු කරන්න ලැබීම මගේ වාසනාවක්. ඇත්තටම එයා මගේ අක්කා. එයා කියන්නේ ‘උඹ මගේ නංගි’ කියලා. අවුරුදු ගාණක් මම උන්න මේ ක්ෂේත්රයේ මනුස්සකම පිරුණු උතුම්ම චරිතය තමයි ඇය. මොන දේ තිබුණත් මහ පොළොව පාගාගෙන ඉන්න චරිතයක්. මගේ පුංචි හරි අඩුපාඩුවක් දැක්කොත් කෝල් කරලා මට කියනවා. ඇගේ පුංචි දෙයක් අල්ලගෙන ඇය ගැන කතා කරන අයට මම කියන්නේ ඇගේ මනුස්සකම් ගැන කතා කරන්න. මොකද ඒ තරම් හොඳ හිතක් තියෙන නිළියක් මට නම් මුණගැහිලා නැහැ. මොන දේ ලැබුණත් ජීවිතයට මැරෙනකම් ආදරය කිරීමට සූදානම් මහ පොළොවේ ජීවත් වන සුන්දර යුවතියට ජයම ලැබෙන්න කියලා අපි ප්රාර්ථනා කරනවා… 

 

ක්රිෂාන්ත පුෂ්පකුමාර

මෙන්න බලන්න තවත් ගොසිප්