Nov
2

ජනපති විවචේනය කළ මුරුත්තෙට්ටුවේ හිමියන්ට කුලපති තනතුරක්

 
1168 Views
   
 

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට අභයාරාමයාධිකාරී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කර ඇතැයි ඒ හිමියෝ පවසති.

ආනන්ද හිමියන් ප්‍රකාශ කළේ, නොවැම්බර් 17 වන දා සිට බල පැවැත්වෙන පරිදි මෙම පත්කිරීම සිදු කර ඇති බව ය.

මේ සම්බන්ධයෙන් පත්කිරීමේ ලිපියක් තමන්ට ලැබී ඇති බවත්, එය මාධ්‍යයට මෙතෙක් මුදා හැර නොමැති බවත් උන් වහන්සේ පැවසූහ.

කෙසේ වෙතත්, අප කළ විමසුමකදී කොළඹ විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ පත්වීම සම්බන්ධයෙන් කිසිදු ලිපියක් ලැබී නොමැති බව ය.

ඒ සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් ද කර නැතැයි ඔහු ප්‍රකාශ කළේ ය.

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පසුගිය කාලයේදී ජනාධිපතිවරයාගේ ඇතැයි ක්‍රියාකලාපයන් නිර්දය ලෙස විවේචනය කළ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සමීපව කටයුතු කළ බවක් දක්නට ලැබිණි.

මේ අතර, පසුගිය දා පැවති ගුරු – විදුහල්පති විරෝධතා හමුවේ ආනන්ද හිමියන් ඊට මැදිහත් වූ අතර ගුරු සංගම් චෝදනා කළේ, උන් වහන්සේ සිය සටන දියාරු කිරීමට උත්සහ දැරූ බවට ය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්