Jan
20

ජයසූරියට පළමු ලෙජන්ඩ්ස් ගැටුම අහිමිවෙන ලකුණු

 
935 Views
   
Jayasuriya-loses-first-Legends-clash  

ඕමානයේදී අද ආරම්භ වන ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය ගැන මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ.

මෙලෙස බොහෝදෙනෙකු මෙම තරඟාවලිය ආරම්භය බලා සිටින්නේ හිටපු සුපිරි ක්‍රිකට් තරු රැසක් මෙම තරගාවලියේ කණ්ඩායම් එක්වීම හේතුවෙනි.

කෙසේ වෙතත් ආරම්භක තරගයට හෝරා කිහිපයක් තිබියදී අලුත් ආරංචියක් වාර්තා වෙයි.

එහි සඳහන් වන්නේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරුව සනත් ජයසූරිය අද පැවැත්වෙන මෙම තරගාවලියට එක්නොවන බවය.

සෞඛ්‍යමය හේතුවක් මත මෙලෙස මෙම තරගාවලියේ ආරම්භයට ඔහු සහභාගී නොවන බවද කෙසේ වෙතත් පසුව තරගාවලියට එක්වන බවද එම වාර්තා සඳහන් කර ඇත.

ලෙජන්ඩ්ස් ලීග් තරගාවලියේ ආරම්භක තරගය අද ආසියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඕමානයේදී රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතය.

ලෙජන්ඩ්ස් ලීග් තරගාවලියට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූප පෙළක් පහතින්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්