Jun
11

බිරිඳ වුනත් මාව දාලා ගියා, ආයෙ ආවොත් භාරගන්නේ නෑ ජනප්‍රිය ගායන ශිල්පී සචිත් පිරිස් කියූ සංවේදී කතාව

 
5193 Views
   
 

සචිත් පීරිස් කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ ගායන ශිල්පියෙක්. නම ඇසුවත් ඒ රූපය දුටුවත් කටහඬ ඇසුවත් ඒ කවුද මොනවාද කරන්නේ කියලා නොදන්න කෙනෙක් නැති තරම් ඒ තරම්ම ඔහු සංගීතය ජීවිතය කරගත් දක්ෂ ගායන ශිල්පියෙක් පසු ගිය දිනවල ඔහු ගැන බොහෝ පිරිසක් කතා බහට ලක් වුනා. ඒ ඔහුගේ අසනීප තත්වය නිසා. නමුත් දැන් නම් ඔහු ගැන කවුරුත් කතා කරන්නේ ඔහුගේ අලුත්ම ගීත ගැනයි. නිර්මාණ එක්ක දවස ගෙවන ඔහු පසුගිය දිනක ඔහුගේ තොරතුරු පුවත් පතකට පල කර තිබුනේ මේ විදිහට කාලයක් මඟ හැරුණු සංගීත ජිවිතේ යළිත් පටන් ගන්න පුළුවන් වුණා. මඟ හැරුණු කාලෙටත් එක්ක මම දැන් වැඩ කරනවා. අඩුම තරමේ මාසයකට වතාවක් හෝ ගීතයක් කරන්න තමයි මම දැන් බලාපොරොත්තුවෙන් ඉන්නේ.

මම අවුරුදු හයකට පස්සේ පසුගිය දෙසැම්බර් මාසේ නාඩගම් කියලා ගීතයක් කළා. ඒ ගීතයට හිතපු නැති විදිහට ප්‍රතිචාර ලැබුනා. කොරෝනා තත්වය එක්ක රට වහනවා අරිනවා. ඒ හේතු නිසා මට ගීත කරන්න පරක්කු වුණා. නමුත් මට අලුත් ගීතයක් පසුගියදා එළිදක්වන්න අවස්ථාව ලැබුනා. ඒ තමයි දෙව්ලියේ ගීතය. මේ ගීතය මම ගායනා කරන්නේ සමිතා මුදුන්කොටුව එක්ක. මේ ගීතයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් රසිකයින් කමෙන්ට් කරලා තිබ්බා ගීතය ලස්සනයි කියලා. ඒ ප්‍රතිචාර දැක්කම හරිම සතුටුයි. ඒ වගේම මගේ දක්ෂතාවයට මට ප්‍රතිචාර ලැබුනොත් ඇති. මම මගේ ලෙඩේ මාකට් කරෙත් නැහැ, කරන්නෙත් නැහැ. කලාකරුවෙක් හැටියට අපේ දක්ෂතාවයට තමයි රසිකයින් අපි ළඟ ඉන්නේ. අදක්ෂයි නම් ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ, නිර්මාණ අසාර්ථකයි නම් ප්‍රතිචාර ලැබෙන්නෙත් නැහැ. මට මේ රටේ බොහෝ ආදරය කරන රසික පිරිසක් ඉන්නවා කියල දැනගත්තා. ඉතින් දැන් මට කිසිම තනියක් නැහැ බිරිඳ උනත් මාව දාලා ගියා කියලා. මොකද එය අතීතයේ සිදුවීමක් විතරයි. මම ඇය ගැනවත් ඒ අතීතය ගැනවත් කතා කරන්න දැන් කැමති නැහැ. ඇය එන එකක් නැහැ නැවත. අවොත් භාර ගන්නෙත් නැහැ. මම ඇය නිසා විදවපු කාලයක් තිබ්බා. ඒ වගේ කාලයක් ආයේ උදා කරගන්න මගේ කැමැත්තක් නැහැ. සතුටින් ජිවත් වෙන්න තිබ්බොත් මට ඇති.ඉතින් මේ විදිහට තමා ඔහුගේ දැන් ජීවිතය ගෙවෙන අයුරු ගැන පවසා තිබුනේ. ඉතින් ඔහුගේ චයාරුප පෙලකුත් අපි අද ඔබට ගෙන ආවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්