Feb
13

” දිනක්ෂි දවසක් ඇඳට නැගලා පොඩිගේ සූප්පුව අරගෙන ඇඳෙන් බැහැලා අල්මාරියේ හැංගිලා කිරි බොනවා” ප්‍රියසාද්ලගේ දඟ වැඩ ගැන අම්මා කියපු කතාව

 
1056 Views
   
 

ප්‍රියසාද් පවුල කියල කියන්නේ මේවෙනකොට ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රියත්වයට පත් නිරන්තරයෙන් කතාබහට ළක්වන පවුලක්. ඇත්තෙන්ම දියණියන් තිදෙනෙකුගෙන් සමන්විත මේ පවුලේ සියලුදෙනා පිළිබඳ වරින් වර අපට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාර මාධ්‍ය වාර්තාවන් දැකගන්නට ලැබෙනවා. කොහොම නමුත් අද අපි කතා කරන්න යන්නේ ප්‍රියසාද් පවුලේ ආදරණීය අම්මා සමගිනුයි. ඇය නමින් ශිරාණි ප්‍රියසාද්. ඇය මේවෙද්දී ආදරණිය අත්තම්මා කෙනෙක්. ඉතින් ඇය අතීතයේ සිය දුවලා තුන් දෙනත් එක්ක ගෙවපු කාලය ගැන තමයි අපි අද මේ විදිහට කතා කරන්නේ

ඇත්තටම ප්‍රියසාද් පවුල කියල කියන්නේ මේවෙනකොට අපේ රටේ ජනප්‍රිය පවුලක්. ඉතින්පළවෙනි දරුවා දුවෙක් කියලා දැනුනහම ඔබට දැනුන හැගීම කොහොමද ?

අපි විවාහවෙලා අවුරුද්දකට විතර පස්සෙ තමා දිනක්ෂි අපේ ජීවිත වලට එන්නේ. එයා චූටි කාලෙ හරිම අහිංසක ළමයෙක්. හරිම ලැජ්ජාශීලියි. එයා නිතරම හිටියේ අපි දෙන්නාගේ තුරුලෙමයි. එයා පුංචි කාලෙත් දඟ ළමයෙක් නෙමෙයි. තනියම සෙල්ලම් කළා

දිනක්ෂිට පස්සේ ඔබේ පවුලට එකතු වෙන්නේ ශේෂාද්‍රිව, ඒ දෙන්නා එකට ගෙවපු කාලය ගැන විස්තර කළොත් ?

දෙවනියා ලැබුනට පස්සේ දිනක්ෂි ගොඩක් වෙනස් වුණා. මොකද හැමෝම ආදරේ කරන්න පටන් ගත්තේ ශේෂාද්‍රිට. කොහොම වුණත් දිනක්ෂි ශේෂාද්‍රිට හරිම ආදරෙයි. ඒ කාලේ දිනක්ෂි සූප්පුවෙන් කිරි බොනවා. කොහොම හරි අපි එයාගෙ ඒ පුරුද්ද නතර කළා. ඔය කාලේ දෙවැනියා සුප්පුවෙන් කිරි බොන්න පටන් ගත්තා. ඉතිං දිනක්ෂි දවසක් ඇඳට නැගලා පොඩිගේ සූප්පුව අරගෙන ඇඳෙන් බැහැලා අල්මාරියේ හැංගිලා කිරිබොනවා. ඒ බොන්නෙත් ටිකක් බීල දෙන්නම් කියලා. එයා ටිකක් බීලා ආයෙත් පොඩීගේ කටට සූප්පුව දෙනවා

කොහොමහරි ඉතින් ඔබ මේවෙද්දී දියණියන් තුන් දෙනෙකුගේ ආදරණීය මවක්. ඉතින් ඒ ගැන ඔබට මොකද හිතන්නේ ?

ඇත්තටම මට ලොකු ආඩම්බරයක් දැනෙනවා. අපි මේ තුන්දෙනාම හැදුවේ හරිම අමාරුවෙන්. තුන්දෙනාටම හොඳට ඉගැන්නුවා. අද ඒ තුන්දෙනා ඉන්න තැන දැකලා මටයි තාත්තටයි ගොඩක් සතුටුයි. දරුවෝ තුන්දෙනා හැමෝම එකට ඉද්දි මුළු ගෙදරම පිරිලා. එයාලා හරිම ආදරණීය දරුවෝ. ඒ වගේ දරුවෝ ලබන්න ඇත්තටම අපි වාසනාවන්තයි. කොහොම වුණත් එයාල මේ වෙද්දි එයාලා ගේ ජීවිත සාර්ථක කරගෙන තියෙනවා. මේ වෙද්දි දෙන්නෙක්ම විවාහකයි. දිනක්ෂිත් දැන් අම්මා කෙනෙක්. කොහොම වුණත් දරුවෝ තමයි අපේ මුළු ලෝකයම

තුන්දෙනාගෙන් වැඩියෙන්ම කේන්ති යන්නේ කාටද කිව්වොත් ?

තුන්දෙනාටම කේන්ති යනවා. හැබැයි කවුරුත් කේන්ති හිතේ තියාගෙන ඉන්නේ නැහැ. ඉක්මනින් ඒ කේන්තිය නැති වෙනවා. ලොකුට කේන්ති ගියාම පැත්තකට වෙලා අඬනවා. පොඩි ට තරහ ගියහම පැත්තකට වෙලා ඔරව ගෙන ඉන්නවා. ශනුට තරහ ගියහම කෑගහනවා. ඒ කෑ ගහලා පැත්තකට වෙලා ඉන්නවා. ටික වෙලාවකින් ආයෙ හැමදේම අමතකයි

නිවසක සතුට තියෙන්නේ දරුවන් ඉන්නකොටයි. ඉතින් ගෑණු ළමයි තුන්දෙනාම ගෙදර ඉද්දි කොහොමද ඔබට දැනුණේ ?

මෙයාලා තුන්දෙනාම එකට තමයි හිටියේ. වෙලාවට තුන්දෙනාම එකට කාමරේට වෙලා සින්දු කිය කිය කතා කර කර හිටියා. වෙලාවකට ඉස්සර මේ තුන්දෙනා බාත්රූම් එකෙත් නටනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්