Nov
5

සපුගස්කන්දේදී ඝා’ තනය වූ කාන්තාව සමග ත්‍රිරෝද රථයේ ගිය දෙදෙනා අතුරුදන්

 
2131 Views
   
 

සපුගස්කන්ද ප්‍රදේශයේදී ගමන් මල්ලක් තුළ තිබූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් හෙළි වී තිබේ.

පොලිසිය පැවසුවේ, එම කාන්තාව තවත් කාන්තාවක සහ පුද්ගලයෙකු සමග ගොස් උකස් කර තිබූ රන් ආභරණ බේරාගෙන පැමිණ ඇති අතර පසුව ඇය එම කාන්තාව සමග ත්‍රිරෝද රථයකින් නැවත පිටවත්ව ගොස් සිටියදී අතුරුදන් වූ බවට තොරතුරු වාර්තා වන බව ය.

නොවැම්බර් 28 වන දා සිට ඇය අතුරුදන්ව සිටි බවට ඇගේ සැමියා පොලිසියට පැමිණිලි කර තිබිණි.

ඇය සමග ත්‍රිරෝද රථයෙන් ගොස් ඇත්තේ, සමිට් පුර පදිංචි කාන්තාවක සහ ඇගේ සොහොයුරෙකු සමග බව අනාවරණය වී තිබේ.‍‍

පොලිසිය පවසන්නේ, ඔවුන් දෙදෙනා මේ වන විට අතුරුදන්ව සිටින අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වන බව ය.

ඝාතනයට ලක්වූ කාන්තාව මුදල් පොළියට දීම ජීවිකාව කර ගත් අයෙකු බව ද වාර්තා වේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්