Feb
14

දිනක්ෂිව පුදුමයට පත්කරමින් සාරංග අලුතින් හදන නිවසට මුල්ගල තිබ්බ හැටි

 
936 Views
   
 

ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් කතාබහට ළක්වන චරිත දෙකක් තමයි සාරංග දිනක්ෂි කියන්නේ. ඒ බව නොරහසක්. කොහොම නමුත් මේ යුවළ පිළිබඳ අපට සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර සුවිශේෂී වාර්තාවන් දැකගන්නට ලැබෙනවා. ඇත්තෙන්ම මේ යුවළ ගෙවන සුන්දර ජීවිතය ගැන හැමෝම වගේ කතාකරනවා. ඇත්තෙන්ම සාරංග දිනක්ෂි කියල කියන්නේ ආදර්ශමත් ලෙස ජීවත්වෙන හරිම ආදරණිය යුවලක්. දිනක්ෂි සහ සාරංග දැන් ගත කරන්නේ වෙනස්ම ආකාරයේ ජීවිතයක් කිව්වොත් නිවැරදියි

කොහොම නමුත් කලා ක්ෂේත්‍රය තුළ කාර්‍යබහුල යුවළක් වෙන මොවුන් මේවෙනකොට ආදරණීය පුංචි දියණියකගේ මව්පියන්. සාරංග දිනක්ෂි කැදැල්ලට සතුට අරගෙන පුංචි දෝනී ආවට පස්සේ අපට දිනක්ෂිවනම් කලා නිර්මාණ තුළින් දැකගන්නට ලැබුණේ නැහැ. ඒ ඇය දෝනි එක්ක හුරතල් විදිමින් සතුටින් කාලය ගත කරන නිසාවෙනුයි

කොහොම නමුත් මේ දිනවල කලා ක්ෂේත්‍රය අපට වැඩිපුර දිනක්ෂිව දැකගන්නට නොලැබුනත් ඇගේ සැමියා සාරංගව අපට නිරන්තරයෙන් කලාව තුළ දැකගන්නට ලැබෙනවා. ඒ කොහොම උනත් සාරංග නම් පසුගිය දිනක කියල තිබුනේ තාම පුංචි පැටික්කිට නමක් දාලා නැහැ කියලයි. නිවේදන කටයුතු තුළින් වගේම රංගන වැඩකටයුතු සමගින් තරමක් කාර්‍යබහුල දිවියක් ගතකරන සාරංග පසුගියදා දිනක්ෂිට ලොකු සප්‍රයිස් එකක් දීල තිබුණා. ඇත්තටම මේ ගැන දිනක්ෂිනම් දැනගෙන හිටියේ නැහැ

ඉතින් ඔහුගේ මේ ස්ප්‍රයිස් එක ගැන කියනවානම් සාරංග එක්ක කාර් එකේ රණ්ඩු වේවි තමයි දිනක්ෂි ගියේ. දිනක්ෂිගේ ගමන යන්න ලේසි පාරවල් තියෙද්දී රවුම් ගහනවා. වැඩේට යන්න පරක්කු වෙනවා කියලා තමයි දිනක්ෂි සාරංගට බැන වැදුනේ. ඉතින් මේ විදිහට හැසිරුණු සාරංග අවසානයේ ඇයව එක්කන් යන්නේ වෙනස්ම තැනකට‍යි. බැන බැන ගියත් අන්තිමේදී දිනක්ෂි පුදුමයට පත්වෙනවා

කොහොම නමුත් දිනක්ෂිව අදාළ තැනට සාරංග එක්කගෙන යනකොට බබා අම්මා තාත්තා නංගිලා මේ හැමෝම එතන ඉන්නවා. ඉතින් ඇයව මේ විදිහට සාරංග එක්කරගෙන ගිහින් තිබුනේ සාරංග අලුතින් ඉදිකරන්න යන ඉඩමටයි. මීට කලින් දිනක්ෂි මේ තැන ඇවිත් බලලා තිබුනට ඒක ගත්තු බව ඇය දැනගෙන හිටියේ නැහැ. ඉතින් හදන්න හිතාගෙන ඉන්න ගෙදර ප්ලෑන් එකත් දෙන්නම තීරණය කරපු නිසාවෙන් ඔහු ඇයට හොරෙන්ම නැකත් බලලා මුල් ගල තියන්න සුදානම් කරලයි තිබුනේ

ඇත්තටම මේ විදිහට සාරංග දුන්නු ස්ප්‍රයිස් එකට දිනක්ෂි පුදුම වුනා කිව්වොත් නිවැරදියි. මේ විදිහට තමන්ට ලැබුණු ස්ප්‍රයිස් එක ගැන දිනක්ෂිනම් කිව්වේ සාරංග හරියට සප්‍රයිස් එකක් කරාමයි කියලයි. මේ විදිහට දොනිත් එක්ක දෙන්නම එකතුවෙලා මුල්ගල තිබ්බා. ඇත්තටම එයලා මේ විදිහට හදන්න යන ගෙදර මාළිගාවක් කිව්වොත් නිවැරදියි. ඉතින් ඔවුන්ගේ ඉදිරි වැඩකටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම සුභපැතුම් එකතු කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්