Feb
11

” දේශපාලනඥයෙක් එක්ක පුෂ්පිකාගේ සබදතාවයක් තියෙනවා, මම ඒ හැම මැසේජ් එකක් ම දැකලා තියෙනවා” චන්දිමාල් හෙලිකල කතාව

 
760 Views
   
 

මීට දින ගණනාවකට පෙරදී සංවිධානය වු විවාහක රූ රැජින තරගාවලිය පිළිබඳ ලාංකිකයන් අතර විශාල කතාබහක් ඇතිව තිබුණා. ඊට හේතුව වනුයේ ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය සහ සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරපු චන්දිමාල් ජයසිංහ මහතා අතර ඇතිව තිබුණු මතභේදාත්මක තත්ත්වයයි. ඇත්තෙන්ම මොවුන් දෙදෙනාම වරින් වර ලයිව් වීඩීයෝ තුළින් වගේම යූටියුබ් නාලිකාවන් තුළින් අදහස් දක්වමින් එකිනෙකාට චෝදනා කර ගැනීමයි. ඇත්තෙන්ම මොවුන් දෙදෙනා පිළිබඳව නොයෙකුත් ආකාරයේ කතිකාවන් බොහෝ දෙනෙකු අතර ඇතිව තිබෙනවා

කොහොම නමුත් පසුගිය දිනක මෙම තරගාවලිය නියෝජනය කළ පුෂ්පිකා ද සිල්වා යූටියුබ් නාලිකාවක් සමගින් එක්ව චන්දිමාල් ජයසිංහට චෝදනාවන් කිහිපයක් කිරීමටයි කටයුතු කර සිටියේ. ඉතින් මේ විදිහට ඇය තමන්ට කළ චෝදනාවන්ට පිළිතුරු ලබා දීමටයි ඊයේ චන්දිමාල් ජයසිංහ මහතා කටයුතු කර සිටියේ. ඒ යූටියුබ් නාලිකාවක් සමගින් එක්වෙමිනුයි. ඉතින් ඒ විදිහට යූටියුබ් සාකච්ඡාවක් සමගින් එක්වුණු ඔහු සිද්ධ වුණු සිදුවීම අග ඉඳන් මුලටම විස්තර කර තිබුණා

කෙසේවෙතත් ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන චන්දිමාල් ජයසිංහ මහතා පසුගිය දිනක කටයුතු කර සිටියේ පුෂ්පිකාගේ රූ රැජින යන නාමය ඉවත් කිරීමටයි. ඉතින් ඒ වෙලාවේ ඔහුගෙන් මෙරට මාධ්‍යවේදියෙකු අසා සිටින්නේ පුෂ්පිකා ගේ කිරුළ ඔබට ගලවන්න තියෙන්නේ අයිතිය මොකක්ද කියලයි. ඊට ලබාදුන්නේ මෙන්න මේ වගේ පිළිතුරක්

“ මිසිස් වර්ඩ් ආයතනයෙන් කිරුළ දාන්න අයිතිය දුන්නෙත් මට ගලවන්න අයිතිය දුන්නෙත් මට. ඒ අයිතිය සම්පූර්ණයෙන්ම මටයි දීලා තියෙන්නේ. ඒ ආයතනයෙන් දෙවතාවක්ම මට කියා සිටියේ ඇය ගොඩක් දෙනෙක් අපහසුතාවයට පත් කරන නිසා මේ සන්නාමය ඇගෙන් ඉවත් කරන්න කියලා. රූ රැජිනකට තියන කොලිටීස් ඇය මේ වෙද්දිත් නැති කරගෙන තියෙන්නේ” යනුවෙනුයි

මාළුවා නහින්නෙත් කට නිසා කියල කතාවක් තියෙනවානේ. පුෂ්පිකා කිරුළ අහිමි කර ගත්තෙත් කට නිසා තමයි. ඇත්තටම පුෂ්පිකා ලංකාවට ඇවිත් කරපු ප්‍රකාශ හරිම ලැජ්ජයි. කුවේට් කුමාරි අක්කා ලයිව් යනවා වගේ හැමදාම හවස 06:00 ට ලයිව් ඇවිල්ලා මුළු ලෝකෙම ඉන්න කාන්තාවන්ට පේන්න දොස් කියනවා. කිරුළක් දිනපු කාන්තාවක් කියල කියන්නේ වැදගත් කාන්තාවක්. ඒත් ඇය කරන්නේ කිසිම වැදගැම්මකට නැති ප්‍රකාශයි. පොඩි පන්තියක ළමයෙක් වත් ඒ වගේ දේවල් කියනවා මමනම් දැකල නැහැ

අපිත් වර්ල්ඩ් ආයතනයට යටත් ආයතනයක්. ඒගොල්ලො දෙපාරක් ඉල්ලීම් කළා, පෞද්ගලික දුරකතන ඇමතුම් හරහා වගේම ඊමේල් හරහාත්… පුෂ්පිකාගෙන් පස්සෙ හිටපු හැමෝම නීති උල්ලංඝනය කරපු අය. ඒ නිසා ඒ කිසි කෙනෙකුට පුෂ්පිකාගෙන් පස්සෙ කිරුළ අයිති වෙන්නෙ නෑ. 2021 මිසිස් ශ්‍රී ලංකා කෙනෙක් නෑ. එතැනට හිස්තැනක්… ලෝක තරගාවලිය අවසන් නිසා පවරා දීමක් කරන්නත් බෑ. පුෂ්පිකාගේ ටයිට්ල් එකවත් නෑ දැන්… රෝසිට අද පුෂ්පිකා ඇඟිල්ල දික් කරනවා. ඒත් පුෂ්පිකා මිසිස් ශ්‍රී ලංකා වුනේ රෝසි මැතිණිය නිසා. ඇය ඒ හරි දේදී ඒ පැත්ත අරන් කතා කරපු නිසායි. ඉතින් පුෂ්පිකාට කිරුළ අහිමිවීමට බලපෑ හේතු කාරණාවන් පිළිබඳ ඔහු විස්තර කලේ එලෙසයි

ඒ වගේම පසුගිය දිනවල පුෂ්පිකාගේ සහ රොසී සේනානායක මහත්මියගේ හඩපටයක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් තිබුණා ඔබට මතක ඇති. ඉතින් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චන්දිමාල් ජයසිංහ කියල තිබුනේ රෝසි සේනානායක මහත්මිය සහ ඇය විසින් හුව මාරු කර ගත්තු හඬ පටය පුෂ්පිකා විසින්ම මාධ්‍යට මුදා හැරියා කියලයි

ඉතින් මේ වගේ සිදුවීමක් සිද්ද වෙන්නත් ඇය පිටිපස්සේ කවුරුහරි ඉන්නවද කියලා අහපු අවස්ථාවක චන්දිමාල් ලබාදුන්නේ මේවගේ පිළිතුරක්

“ඇවිල්ලා දවස් කීපයක් යද්දී තමයි එයා එක එක සුරංගනා කතා කිව්වේ. මගෙ ළඟ සාක්ෂි තියෙනවා මේක පිටුපස්සෙ රෝසි මැතිනියට පෞද්ගලිකව මඩ ගහන්න දේශපාලනඥයෙක් ඉන්නවා . මම ඒ හැම මැසේජ් එකක් ම දැකලා තියෙනවා ඇයට කවුද එහෙ ඉන්නකං රෑට කතා කළේ කියන එක” කියලයි

ඒ වගේම එයාට කවුද මේවට සල්ලි වියදම් කළේ කියන්න සාක්ෂි තමන් සතුව තියෙනවා කියන ඔහු කියන්නේ අනිවාර්යෙන්ම ඒ හින්ද තමයි ඇය ඔහු කියන විදිහට හැසිරෙන්නේ කියලයි. ඔහු ආණ්ඩු පක්ෂයේ කෙනෙක් නෙවෙයි කියන චන්දිමාල් කියන්නේ රෝසි මැතිණියගේ පක්ෂයේ හිටපු කෙනෙක් කියලයි. ඔහු එක්සත් ජාතික පක්ෂයේ හිටපු මංත්‍රීවරයෙකු බව පෙන්වා දෙන ඔහු කියන්නේ හෙට අනිද්දට එයා අපිට හානි කළා වගේම ඒ පුද්ගලයාටත් හානිකරයි කියලයි. කොහොමහරි ඉතින් විවාහක රූ රැජිණ සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන චන්දිමාල් ජයසිංහ මහතා යූටියුබ් නාලිකාවක් සමගින් එක්ව අදහස් දක්වලා තිබුනේ මෙලෙසයි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්