Jun
12

ඊයේත් වැඩිම ආසාදිතයින් ගම්පහින්

 
1478 Views
   
 

මෙරටින් ඊයේ (11) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2789 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන ප්‍රදේශයෙන් ආසාදිතයින් 122 දෙනෙකු සහ කටුනායක ප්‍රදේශයෙන් ආසාදිතයින් 117 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

එසේම, කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 505 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 397 දෙනෙකු හඳුනාගෙන තිබුණා. කළුතර, කුරුණෑගල, මහනුවර යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 100 දෙනෙකු ඉක්මවා හඳුනාගෙන ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්