May
20

රටේ ඇත්ත තත්වය සහ ඉදිරියේදී කළ යුතු දේ…

 
1199 Views
   
 

ශ්‍රී ලංකා⁣ව වර්තමානයේ මුහුණ දෙමින් සිටින්නෙ ඉතිහාසයේ කිසි දිනක මුහුණ නොදුන් විශාලතම ආර්ථික අර්බුදයකට. මේ අර්බුදයෙන් රට ගොඩගන්න නම් මුලින්ම අපි මේ අර්බුදය ඇති වෙන්න හේතු දැනගෙන ඉන්න ඕන. ඒ වගේම රටේ වර්තමාන තත්වය දැනගෙන ඉන්න ඕන.

මේ වන විට ⁣රටතුල,
1. ඩීසල් පෙට්‍රල් ඇතුලු ඉන්ධන හිඟයි.
2. රටට ඩොලර් එන මාර්ග ගොඩක් ඇහිරිලා.
3. ගෑස් හිඟයක් පවතිනව.
4. උද්ධමනය විශාල වශයෙන් පහුගිය මාස කිහිපයට ඉහල ගිහින්.
5. මහබැංකුව සතු සංචිත අවම මට්ටමක තියෙන්නෙ.
6. ආහාර ඇතුලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමේ ගැටලු පවතිනව.
7. විදුලිය කප්පාදු කිරීම සහ ඉන්ධන ගැටලුව නිසා අපනයන කර්මාන්තය පසුබෑමකට ලක්වෙලා.
8. ඉදිකිරීම් ද්‍රව්‍ය මිල සීඝ්‍රයෙන් ඉහලයාම නිසා ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටිල.
9. බස් ගාස්තු මාස කිහිපයක් ඇතුලත 50% කට වඩා වැඩිවෙලා.
10. අකාර්යක්ෂමතාවය නිසා රජයෙ ආයතන බො⁣හොමයක් මේ වනවිට පාඩු ලබනව.

මේ හේතු එක්ක අපේ රට මේ අර්බුදයෙන් ගොඩ ගන්න නම් විශාල කැපකිරීමක් සාමාන්‍ය ජනතාවගේ සිට රාජ්‍ය තාන්ත්‍රිකයන් දක්වා කළ යුතුයි. මේ පිළිබඳව සත්‍ය තක්වය සහ ඒවාට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැහැදිලි කර සිටියා.

ඒ අනුව ඔහු කළ ප්‍රකාශ⁣යේ මෙසේ සඳහන් උනා,

”මම ජනතාවට කරුණු සඟවා බොරු කීමට කිසිසේත්ම කැමති නෑ. භයානක වූවත් අප්‍රසන්න වූවත් මේකයි ඇත්ත තත්ත්වය. කෙටි කාලීනව අප මුහුණ දෙන්න යන්නේ ගෙවූ කාලයටත් වඩා දුෂ්කරම කාලයකට. මේ වෙලාවේ අපට තිබෙන්නේ දුක් කම්කටොලු විතරයි. ඒත් මේ තත්ත්වය කෙටි කාලීනයි.”

”2022 වසර සඳහා රජයේ වියදම රුපියල් ට්‍රිලියන 3.3 ක්. කෙසේ වෙතත් පසුගිය රජයේ පොළි අනුපාත වැඩිවීම් සහ අතිරේක වියදම් හේතුවෙන් 2022 වසර සඳහා රජයේ සමස්ථ වියදම රුපියල් ට්‍රිලියන 04 කි. වර්ෂය සඳහා අයවැය හිඟය රුපියල් ට්‍රිලියන 2.4 ක් වන අතර එය දළ දේශීය නිෂ්පාදනයෙන් 13% කි.”

”ඒ වගේම අනුමත ණය සීමාව රුපියල් බිලියන 3200 ක්. අපි මැයි මාසයේ දෙවන සතිය වන විට රුපියල් බිලියන 1950ක් වියදම් කරලා. ඒ අනුව දළ ඉතිරිය රුපියල් බිලියන 1250ක්.”

”ගෑස් නැව්ගත කිරීම සඳහා ගෙවීමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 05ක් වත් මේ වෙලාවේ මුදල් අමාත්‍යාංශයට සොයා දීමට හැකියාවක් නෑ.”

”මේ වන විට අප සතුව පෙට්‍රල් තිබෙන්නේ එක් දිනකට පමණයි. ඊයේ පැමිණි ඩීසල් නෞකාව නිසා ඔබගේ ඩීසල් ප්‍රශ්නයට අද සිට යම් සහනයක් ලැබේවි.”

“විදුලි අවශ්‍යතාවයෙන් හතරෙන් එකක් උත්පාදනය සඳහා ඉන්ධන යොදා ගැනීම හමුවේ, තව ටික දිනකින් දෛනික විදුලි කප්පාදුව පැය 15ක් වීමටත් ඉඩ තිබෙනවා. නමුත් අපි මේ සඳහා දැනටමත් අවශ්‍ය මුදල් සොයාගෙන තියෙන්නෙ.”

“යම් පමණකින් හෝ පාරිභෝගිකයන්ට ගෑස් ලබාදීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 20ක් ඉතාමත් ඉක්මනින් සොයගත යුතුව තිබෙනව. ඒ වගේම අඟහරුවාදා වන විට පැමිණ තිබෙන ගෑස් නෞකාවට මුදල් ගෙවීමට අපි කටයුතු කරනවා. ඒ තුළින් ඔබගේ ගෑස් ප්‍රශ්නයට යම් විසඳුමක්
ලැබේවි.”

“ඖෂධ, ශල්‍ය උපකරණ සහ රෝගීන්ට අවශ්‍ය ආහාර සපයන සැපයුම්කරුවන්ට මාස 04කින් ගෙවීම් කර නැති අතර ඔවුන්ට ගෙවීමට ඇති හිඟ මුදල රුපියල් බිලියන 34 කි. ඒ වගේම රාජ්‍ය ඖෂධ සංස්ථාව ආනයනය කළ ඖෂධවලට මාස 04කින් ගෙවීම් කරල නෑ. ඒ නිසා ඔවුන්ව අසාදු ලේඛනගත කිරීමට විදේශ ඖෂධ සමාගම් කටයුතු කරමින් සිටිනවා. අත්‍යවශ්‍ය ඖෂධ 14ක් හිඟ වී තිබීමත්, ඉන් දෙකක්වත් සැපයීමට වෛද්‍ය සැපයුම් අංශයට මේ මොහොතේ හැකියාවක් නොමැති වීම කනගාටුවට කරුණක්. එම ඖෂධ දෙක වන්නේ හෘද රෝගවලට භාවිත කරන ඖෂධයක් සහ ප්‍රතිජලභීතිකා ඖෂධයක්. හැබැයි ප්‍රතිජලභීතිකා ඖෂධය සඳහා විකල්ප ඖෂධයක්වත් නෑ”

”2020 – 2021වර්ෂයේ පමණක් ශ්‍රීලංකන් ගුවන් සේවයේ පාඩුව රුපියල් බිලියන 45ක්. 2021මාර්තු 31 වන විට මෙහි සමස්ත පාඩුව බිලියන 372ක්. අප මෙය පුද්ගලීකකරණය කළත් මේ පාඩුව අපට දරන්න ම වෙනවා. මේ පාඩුව ජීවිතයටවත් ගුවන් යානයකට පය ගසා නැති මේ රටේ දුගී දුප්පත් අහිංසක මිනිස්සුන්ට විඳින්න වී ඇති බව ඔබ දැනගත යුතුයි”

“රාජ්‍ය සේවකයන්ගේ මේ මාසයේ වැටුප් ගෙවීම සහ අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වෙනුවෙන් වැය කිරීම සඳහා දැඩි අකමැත්තෙන් වුවත් මේ මොහොතේ මුදල් මුද්‍රණය කිරීමට අවසර දෙනව. ඒ කොහොම වුණත් මුදල් මුද්‍රණය කිරීම නිසා රුපියල අවප්‍රමාණය වන බව අප සිහි තබාගත යුතුයි. මේ වන විට පවතින තත්ත්වය හමුවේ තෙල් සංස්ථාවට සහ විදුලි බල මණ්ඩලයට රුපියල් සොයාගැනීමට ද හැකියාවක් නෑ”

“දැනට පවතින මෙම ගැටලුවලට පිළිතුරු සොයාගැනීම සඳහා ජාතික සභාවක් හෝ දේශපාලන මණ්ඩලයක් සියලු පක්ෂවල සහභාගීත්වයෙන් වහාම පිහිටුවීමට කටයුතු කළ යුතුව ඇත. එවිට සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කොට තීරණය කර ගන්නා නිශ්චිත කාල රාමුවක් තුළ පොදු කෙටි කාලීන – මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන අවම වැඩසටහන් ක්‍රියාවට නංවා රට නැවතත් ඉහළට ඔසවා තබන්නට අපට හැකිවෙනවා. භූමිතෙල්, ගෑස්, ඉන්ධන පෝළිම් නැති රටක්, විදුලි බලය කැපෙන්නේ නැති රටක්, කෘෂිකර්මාන්තය නිදහසේ කරගෙන යන්න පුළුවන් පහසුකම් ඇති රටක්, තරුණ තරුණියන්ගේ හෙට දවස ආරක්ෂිත රටක්. මිනිස් ශ්‍රමය අරගල භූමිවල සහ පෝළිම් වල නාස්ති කරන්න ඕන වෙන්නේ නැති රටක්. හැමෝටම නිදහසේ ජීවිතය ඉදිරියට ගෙනියන්න පුළුවන් රටක්, තුන් වේල කන්න පුළුවන් රටක් අපි ගොඩනගනවා”

මේ අනුව අග්‍රාමාත්‍යතුමන්ගේ මෙම වැඩපිළිවෙළ අනුව කටයුතු කිරීම විනා මේ රට ගොඩගත හැකි වෙනත් ක්‍රමයක් ඇතිබව නොපෙනේ. එබැවින් දේශපාලනය අධිකාරිය මෙන්ම රටේ ජනතාව සියලු දෙනාම එක්ව මෙම වැඩපිළිවෙළට සහය දීම හැර වෙනත් විකල්පයක් නොමැත.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්