Mar
5

හෙටත් දැල්වෙන රටක් උදෙසා අදම කළ යුතු වෙනස්කම්

 
556 Views
   
 

80 දශකයේ මහවැලි ව්යාපාරය ආශ්රිතව ජල විදුලි බලාගාර ආරම්භ වන විට ජනප්රිය මතයක් වූයේ, ඉන්දියාවට ද විදුලිය සැපයිය හැකි වන බවයි. එහෙත් 90 දශකයේ මැදක් වන විට මෙරට විශාල විදුලිය අර්බුදයක් නිර්මාණය විය. පසුව ඒ වකවානුවේ හදිසියේ ආරම්භ කළ ඩීසල් බලාගාර හේතුවෙන් විදුලි අර්බුදයට තාවකාලික විසඳුමක් ලැබුණි.

වර්තමානය වන විට රටේ විදුලි ඉල්ලුම වාර්ෂිකව සියයට පහකින් පමණ වැඩි වේ. එසේ වැඩි වන ඉල්ලුම සපුරාලීමට අවශ්ය විදුලිය ජනනය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ විධිමත් සැලැස්ම පිළිවෙළකට ක්රියාත්මක කිරීමට තවමත් හැකිව නැත. එසේ නොවීමේ ප්රතිවිපාක මේ වන විට සමස්ත ශ්රී ලාංකිකයෝම මුහුණ දෙමින් සිටිති

. සාම්පූර් ගල් අඟුරු බලාගාරය යහපාලන ආණ්ඩුව අහෝසි කර දැමීම නිසා ඉකුත් වසර හයේදී රටට සිදුව තිබෙන පාඩුව රුපියල් කෝටි විසි දහසකට අධික යැයි ලංවිම ඉංජිනේරු සංගමය හෙළි කර සිටියි. මේ මඟින් ඩීසල් බලාගාර හිමියන් අධික මුදල් ප්රමාණයක් උපයා ගැනීමට සමත් වී ඇතැයි ඉංජිනේරුවන් ගණන් බලා තිබේ. කාලයක් තිස්සේ ක්රියාත්මක විදුලි මාෆියාවට සම්බන්ධ විදුලිබල මණ්ඩලයේ ඇතැම් පිරිස්, ඇතැම් දේශපාලකයන් හා ඩීසල් බලාගාර හිමි පාර්ශ්ව ඩීසල් බලාගාර වලින් විදුලිය නිපදවා, ඒවා වැඩි මිලට විදුලිබල මණ්ඩලයට විකුණමින් අති විශාල ලෙස ලාභ උපයමින් සිටින බව ද ඉංජිනේරුවරු කියා සිටිති.

නොරොච්චාල ගල් අඟුරු බලාගාරය නිසි කලට ඉදි නොකළ නිසා මේ වන විට රටට සිදුව ඇති පාඩුව පමණක් රුපියල් කෝට් අනූදහස ඉක්මවා ඇති අතර, සාම්පූර් ගල් අඟුරු බලාගාරය අහෝසි කර දැමුවේද මෙකී ව්යාපාරික පිරිස යැයි ඔවුහු හෙළි කර සිටිති. හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මියගේ පාලන කාලයේදී මෙන්ම යහපාලන කාලයේදී රටට අවශ්ය විදුලි බලාගාර ඉදි නොකළ බවත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙගොවොට් නවසියයකින් යුත් නොරොචෝල බලාගාරය ඉදි නොකළා නම් මේ වන විට දිනකට පැය 12ක්වත් විදුලිය කපා දැමීමට තරම් බරපතළ විදුලි අර්බුදයකට රට පත් වීමට තිබුණි.

නිසි කලට නිවැරැදි තීරණ නොගැනීම නිසා මේ වන විට රට මුහුණ දෙමින් සිටින විදුලි අර්බුදයට හේතුව ඩොලර් හිඟය පමණක්ම නොවේ. ඉහත පැවසූ අයුරින් වාර්ෂිකව වැඩි වන විදුලි ඉල්ලුමට මෙන්ම අනාගත විදුලි ඉල්ලුම පිළිබඳ පූර්ව නිගමනවලට එළැඹ, ඒ වෙනුවෙන් අවශ්ය විදුලි නිෂ්පාදනය කිරීමට බලාගාර ඉදි නොකිරීමය. ඉදි කිරීමට යෝජිතව තිබූ බලාගාර ද දේශපාලන හේතු මත ඉදි නොකිරීමේ සහ කඹ ඇදීමේ ඵල විපාක අද වන විට මුළු රටටම ඇත විදීමට සිදු වී ඇත. වියළි කාලගුණයක් පවතින මේ දිනවල රාත්රී කාලයේ විදුලි ඉල්ලුම ඉහළය. එය මෙගාවොට් 2400 සිට පසුගියදා වාර්තා වුණු මෙගාවොට් 2650 දක්වා හෝ ඉදිරියේ දී ඊට වඩා හෝ වැඩි විය හැකිය. එසේම ඉන්ධන ආනයනය සඳහා රටේ පවතින ඩොලර් හිඟය ද, මෙගාවොට් 300ක විදුලිය සපයන නොරොව්වෝලේ තෙවැනි ජනන යන්ත්රයේ කාර්මික දෝෂය ද, කැලණිතිස්ස පරිශ්රයේ පිහිටි සොජිස් පුද්ගලික බලාගාරය වාර්ෂික නඩත්තු කටයුතු සඳහා අක්රීය කිරීමෙන් ද පසුගිය දිනවල අහිමි වූ මෙගාවොට් ප්රමාණය 472කි.

මේ හේතු මත ඉල්ලුමට සැපයුම දීමට විදුලිබල මණ්ඩලය අපොහොසත් වීම නිසා ඇති වූ තත්ත්වය සමබර කර ගැනීමට විදුලි කප්පාදු කිරීමකට යෑමට සිදුවි ඇත. 2030 වසර වන විට ජාතික විදුලි නිෂ්පාදනයෙන් 7000 ක් පුනර්ජනනීය බල ශක්තියෙන් නිපදවා ගත යුතුය යන ප්රතිපත්තිය සම්බන්ධයෙන් ද මිශ්ර අදහස් පළ වෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන පක්ෂ විපක්ෂ කණ්ඩායම්වල අදහස් වෙත නැවත වරක් ආණ්ඩුවේ බලධාරීන්ගේ අවධානය යොමු වෙන්නේ නම්, මහ ජනතාවට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා ගැනීමට එය මහත් ඵලදායක වේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්