Feb
20

” ඔබ සිතන හැම දේම ඔබ දකින්නට කැමති හැම දේම ඔබට ලැබේවා.. ” මධුමාධව සිය පෙර විවාහයක බිරිඳ රෙනූෂා වෙනුවෙන් එක්කළ සටහන

 
944 Views
   
 

මධුමාධව අරවින්ද කියල කියන්නේ 90 දශකයේදී මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රියත්වයට පත් දක්ෂ ගායන ශිල්පියෙක්. කොහොම නමුත් ගායන ක්ෂේත්‍රය තුළ විවිධ දක්ෂතාවන් පෙන්නුම් කරමින් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය ඔහු පසුකාලීනව දේශපාලනයට අවතීර්ණ වෙනවා. ඒ බව මේවෙද්දී ලංකාවේ නොදන්න කෙනෙකු නැති තරම්. ඇත්තෙන්ම මධුමාධව කියල කියන්නේ කාලයක් ලාංකීය ජනයා අතර නිරන්තරයෙන් කතාබහට ළක්වු චරිතයක් ලෙසත් අපට හදුන්වන්න පුලුවනි

කෙසේවෙතත් ගායකයෙකු ලෙසින් ජනප්‍රියත්වයට පත්ව මේවෙද්දී කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යන ඒ මහතා විටෙක රංගන ශිල්පියෙක්. තවත් විටෙක දක්ෂ ගායකයෙක්. තවත් විටෙක දේශපාලඥයෙක්. ඒ විතරක් නොවෙයි විටෙක දක්ෂ නිවේදකයෙකු හැටියටත් අපට දැකගන්නට ලැබෙනවා. මේ අතර නිරන්තරයෙන්ම මුහුණු පොත හරහා තමන්ගේ අත්දැකීම් මිතුරන් සමග බෙදා හදා ගන්නට පෙළඹී ඉන්න චරිතයක් හැටියටත් අපට ඔහුව හදුන්වන්න පුලුවනි

කොහොම නමුත් අපේ රටේ ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන නිල්මිණි තෙන්නකෝන් කියල කියන්නේ ඔහුගේ කලින් බිරිඳ යි. ඒ විවාහයෙන් ඔහුට දියණියකුත් ඉන්නවා. නමුත් මේ වෙනකොට ඒ විවාහයෙන් ඈත් වුණ ඔහු තෙවන වරටත් විවාහවෙලයි සිටින්නේ. නිල්මිණී ගෙන් පස්සේ ඔහු විවාහවෙන්නේ රෙනූෂා පෙරේරාත් සමගිනුයි. නමුත් කාලයක් යනකොට ඒ විවාහයත් ඔහුගේ අසාර්ථක වෙනවා. ඉතින් විවහා දෙකකටම සමු දුන් ඔහු නිලූ කියන කාන්තාව සමගින් විවාහවී මේවෙද්දී සුන්දර ජීවිතයක් ගත කරනවා

කෙසේවෙතත් පසුගිය දවසක පෙර විවාහයේ රෙනුශා වෙනුවන් අපූරු සටහනක් එක්කර තිබෙනවා අපට දැකගන්නට ලැබුණා. එහි සටහන් කර තිබුනේ මෙහෙම කතාවකුයි

සුබ උපන් දිනයක් රෙනූශා..ඔබ සිතන හැම දේම ඔබ දකින්නට කැමති හැම දේම ඔබට ලැබේවා..ලස්සන රෙනූශා..මේ මම යවපු පනිවිඩය නෙවෙයි..අද මගෙ නෝන මගෙ කලින් නෝනට යවපු පනිවිඩය..පරන සම්බන්ද ගැන බොරු හෑලි කියමින්කාපු බත් ඇටයට ගියපු පාරට ගරහමින්..

තම පපුවෙ තියෙන කැතකම් පෙන්වන ලෝකයක…සමුදුන්න ඇය ගැනත් ආදරනීය නිලූ ගැනත්..මට හරි සතුටුයි….එහෙනම් ආදරනීය රෙනූශා…කන්න දුන්න බත් ඇටයක් ගානේ…අත් අල්ලන් ගිය පියවරක් ගානේ…ජීවිතේ බෙදා ගත්ත සන්තෝසයක් ගානේ..අපි දරා ගත්ත දුකක් ගානේ…කෑ ගහල හිනා උන හිනාවක් ගානේ…අපි වලලපු අපේ කතාව පල්ල…..හදවතින්ම පතනවා…නිරෝගී , බලාපොරොත්තු ඉටුවන නව වසරක්…මදූ/ නිලූ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්