May
11

ප්‍රචණ්ඩ සිදුවීම් සඳහා පුද්ගලයන් මෙහෙයවූ වට්සප් සමූහ 59කට නීතිමය පියවර

 
851 Views
   
Legal-action-against-59-WhatsApp-groups-led-by-individuals-for-violent-incidents  

ප්‍රචණ්ඩ සිදුවීම් සඳහා පුද්ගලයන් කැඳවන ලද වට්සප් සමූහයන් 59ක ඇඩ්මින්වරුන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට පොලීසිය විසින් කටයුතු කර තිබේ.

ඒ අනුව ඔවුන්ට එරෙහිය පරිඝණක අපරාධ පණත සහ අපරාධ නීතිය යටතේ පියවර ගැනීමට නියමිත බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

මේ අතර ප්‍රචණ්ඩ සිදුවීම් සඳහා සම්බන්ධ වන පුද්ගලයන් පිලිබඳව තොරතුරු වෙතොත් 1997, 118 හෝ telligp@police.gov.lk හරහා තොරතුරු ලබා දෙන මෙන් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම ප්‍රචණ්ඩ සිදුවීම් පාලනය කිරීම සඳහා වෙඩි තැබීමට සියලු පොලිස් ස්ථාන සඳහා බලය ලබා දීමට පොලිස් මූලස්ථානය මගින් උපදෙස් ලබා දී ඇති අතර එහිදි කලහකාරී කණ්ඩායම් හෝ ප්‍රචණ්ඩකාරී පිරිස් විසින් ජීවිත හානි හෝ දේපල කොල්ලකෑම් සිදු කිරීමේ අපේක්ෂාවේ වාහන නවතා සිදුකරන පරීක්ෂාවන් වැලැක්වීම සඳහා උපරිම පියවර ගැනීමට පොලීසියට උපදෙස් ලබා දී ඇත.

එසේම රජයේ හෝ පෞද්ගලික දේපලවලට හානි සිදුකිරීම, කොල්ලකෑම හෝ ජීවිත හානි හෝ බරපතල තුවාල සිදුවන අන්දමේ පහරදීම් වැලැක්වීම සඳහා උපරිම පියවර ගන්නා ලෙසද දිවයින පුරා ඇති සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දීමට පොලිස් මූලස්ථානය විසින් පියවර ගෙන තිබෙන බවත් සඳහන්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්