Mar
4

සිංහල සිනමාවේ විකට රජු බංදු සමරසිංහගේ කඩවසම් පුතු කාංචන සමරසිංහ යුගදිවියට එළඹෙයි

 
6704 Views
   
 

අපේ රටේ ඉන්න ප්‍රවීණ සිනමා රංගන ශිල්පියෙකු තමයි බන්දු සමරසිංහ කියන්නේ. ඇත්තෙන්ම ඔහු සතුව තිබෙන අසමසම රංගන හැකියාව නිසාවෙන්ම ඔහුට මෙරට සියලු ජනයා ආදරය කරනවා. ඒ බව නොරහසක්. කොහොම නමුත් හාස්‍ය උපද්දවන නළුවන් අතරේ කාගෙත් මතකයට නිරන්තරයෙන් එන කවුරුත් ආදරය කරන චරිතයක් හැටියටත් අපට ඔහුව හදුන්වන්න පුලුවන්. ඒ විතරක් නොවෙයි සිංහල සිනමාවේ විකට රජෙක් හැටියටත් අපට ඔහුව හදුන්වන්න පුලුවන්

කෙසේවෙතත් බන්දු සමරසිංහ කියන්නේ දියණියන් දෙදෙනෙකුගේ සහ කඩවසම් පුතෙකුගේ ආදරණීය පියෙක්. ඔහුගේ දියණියන් දෙදෙනානම් කරලියට එතරම් හුරු නැහැ. නමුත් ඔහුගේ ආදරණීය එකම පුතනුවන් කාංචන සමරසිංහනම් මෙරට බොහෝදෙනෙකු දන්න හදුනන චරිතයක්. කොහොම නමුත් මෙරට බොහෝදෙනෙකු ආදරය දිනාගෙන ඉන්න බන්දුට ඊයේ දිනය වැදගත් දිනයක් බවට පත්ව තිබුණා

ඊට හේතුව වෙන්නේ ජනප්‍රිය නළු බන්දු සමරසිංහගේ එකම පුතු කාංචන සමරසිංහ ඊයේ යුගදිවියට පිවිසීමයි. එලෙස විවාහ දිවියට පිවිසෙන සිය පුතු වෙනුවෙන් සුවිශේෂ විවාහ උත්සවයක් සංවිධානය කිරීමටයි බන්දු සමරසිංහ මහතා කටයුතු කර තිබුනේ. කොහොම නමුත් එලෙස සංවිධානය කෙරුණු කාංචන සමරසිංහගේ විවාහ උත්සවය සදහා මෙරට ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් සහභාගිව තිබුණා

කොහොම නමුත් එලෙස සංවිධානය කෙරුණු ඔහුගේ විවාහ උත්සවයට මෙරට කලා ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණතම කලාකරුවන් සහභාගිව සිටීමත් සුවිශේෂ කරුණක්. ඒ විතරක් නොවෙයි මේ සුන්දර අවස්ථාවේ ලබාගත් ජායාරූප පෙළක්ද මේවෙද්දී අපට සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබෙනවා. ඒ විතරක් නොවෙයි එලෙස යුගදිවියට පිවිසි ඔහුට සමාජ මාධ්‍ය ඔස්සේද මෙරට ජනයා සිය සුභපැතුම් එක්කර තිබුණා

ඉතින් මේ විදිහට ඊයේ දිනයේදී යුගදිවියට පිවිසි ජනප්‍රිය සිනමා නළු බන්දු සමරසිංහ මහතාගේ පුතු කාංචන සමරසිංහට අපිත් සුභපැතුම් එකතු කරනවා. ඒ වගේම ඔහුගේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල හදවතින්ම සුභපැතුම් එකතු කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්