
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් විවාහ මංගල්‍යක් පැවැත් වූ 16 දෙනෙක් නිරෝධායනයට යොමු කිරීමට යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ (14) පියවර ගෙන තිබෙනවා.
යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ මෙම විවාහ මංගල උත්සවය පවත්වා ඇති අතර ඔවුන් එම උත්සවය පැවැත්වූ නිවස තුළදීම නිරෝධායනට යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
නිරෝධායන නීති අනුගමනය නොකරමින් පැවැත් වූ මෙම මංගල උත්සවය සම්බන්ධයෙන් ලද තොරතුරක් මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම වැටලීම සිදුකර තිබෙනවා.