Aug
4

රෝහල්වල ඇඳන් ධාරිතාව ඉක්මවා ගිහින්? අ ව ධා නම් තත්ත්වයක්?

 
1458 Views
   
 

දැනට කිසිදු කො රෝ නා එන්නතක් ලබා නොගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම හෙට උදෑසන 8.30 සිට විශේෂ මධ්‍යස්ථාන 5කදී සිදුකෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, අයි.ඩී.එච්. රෝහල, අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහරෝහල සහ විහාරමහාදේවි උද්‍යානයේදී එම එන්නත්කරණය සිදුකෙරෙන බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.

මෙරට එන්නත්කරණ වැඩසටහන කඩිනම් කිරීම සඳහා විසි හතර පැය පුරා ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථාන දෙකක් බත්තරමුල්ල දියත උයනේ සහ විහාරමහාදේවි උද්‍යානයේ ස්ථාපිත කර තිබෙනවා. දිවයිනේ තවත් ස්ථාන කිහිපයකදීම එන්නත්කරණ කටයුතු අදත් සිදුකෙරුණු අතර ඊයේ දිනය තුළ පමණක් මෙරට එන්නත්කරණයට ලක් කර ඇති සංඛ්‍යාව 297,314ක්.

මේ අතර, කරාපිටිය රෝහලේ කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක් පෙන්නුම් කිරීම සහ රෝහල් කාර්ය මණ්ඩලය තුළින් ද ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වන තත්ත්වයක් උද්ගතව ඇති බැවින් කොරෝනා ප්‍රතිකාර සදහා වෙන් කර ඇති වාට්ටුවල ධාරිතාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් අද සිට එම රෝහල තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, රෝහල්වල ඇඳන් ධාරිතාව ඉක්මවා ඇති බවට පළ වූ වාර්තා සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි අද රාගම රෝහල් හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්