Mar
4

රුසියානු – ශ්‍රි ලංකා සහයෝගිතාවය

 
1897 Views
   
 

අතීතයේ සිටම රුසියාව සහ ශ්රී ලංකාව අතර පැවතුණේ නොබිඳෙන ආර්ථික , වෙළෙඳ හා මිත්ර සහයෝගිතාවයකි. එය අතීතයට වර්තමාන හා අනාගතයට ද එක ලෙස වලංගුය. එම මිත්රත්වයේ සංකේතයක් ලෙස නිරන්තරයෙන් අප රටට ගලා එන රුසියානු සංචාරකයන් ද කදිම උදාහරණයකි.

දේශීයව ගත් කල රුසියාව යනු අප රටට ප්රධාන අපනයන සහකරුවෙකි. පසුගිය දිනක මෙරට වෙළඳ අමාත්යවරයා සහ රුසියානු කර්මාන්ත හා වෙළෙඳ නියෝජ්ය අමාත්ය ඇලෙක්සි වී.ග්රස්දෙවි මහතා අතර හමුවක් පැවතිණ. ශ්රී ලංකාව හා රුසියාව අතර වෙළෙඳ සබඳතා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නියෝජ්ය අමාත්ය ඇලෙක්සි වී.ග්රස්දෙව් මහතා ඇතුළු දූත පිරිස සහ වෙළෙඳ අමාත්යවරයා අතර මෙම හමුව වෙළෙඳ අමාත්යාංශයේ දී පැවැත්විණි.

මෙම හමුවේ දී වෙළෙඳ අමාත්යවරයා විසින්,

🔲 ශ්රී ලංකාවේ නිෂ්පාදන සඳහා රුසියාව තුළ වෙළෙඳ අවකාශ පුළුල් කරගැනීමේ අවශ්යතාවය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු දක්වන ලදී.

🔲 මෙරට උසස්පෙළ සිසු දරුවන් සඳහා තාක්ෂණවේදය විෂය ධාරාව හඳුන්වා දෙන ලද බවත්, එම තාක්ෂණවේදය හැදෑරූ දරුවන් සඳහා නූතන තාක්ෂණය පිළිබඳ හැදෑරීමට රුසියාවේ සහය බලාපොරොත්තු වන බවත්

🔲 වෙළෙඳ අමාත්යාංශය හරහා මෙරට හරිත විශ්ව විද්යාලයක් ඇති කිරීමට කටයුතු කරනු ලබන බවත් ඊට රුසියානු සහාය බලාපොරොත්තු වන බවත්

🔲 ශ්රී ලංකාවේ ප්රධානතම අපනයන නිෂ්පාදන සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන ලදී.

🔲 භාණ්ඩ විවිධාංගීකරණය තුළින් රුසියානු වෙළෙඳපොල තුළට තවදුරටත් පිවිසීමට අවකාශ සලසා ගැනීමටත්, අපේක්ෂා කරන බව වෙළඳ අමාත්යවරයා පවසා ඇත.

මෙහිදී අදහස් දැක්වූ රුසියානු කර්මාන්ත හා වෙළෙඳ කටයුතු පිළිබඳ නියෝජ්ය අමාත්ය ඇලෙක්සි වී.ග්රස්දෙව් මහතා ඇතුළු දූත පිරිස විසින්,

🔹 ශ්රී ලංකාව යනු රුසියානු සංචාරකයන්ගේ සංචාරක නවාතැනක් බව

🔹 සඳහන් කරමින් සිය රට හා ශ්රී ලංකාව අතර වෙළෙඳ සම්බන්ධතා තවදුරටත් ව්යාප්ත කරගැනීම සඳහා අවශ්ය කරුණු ඉදිරිපත් කරන ලදී.

එමෙන්ම මෙම අවස්ථාවේ දී රුසියානු කර්මාන්ත හා වෙළෙඳ කටයුතු පිළිබඳ නියෝජ්ය අමාත්යවරයා පවසා සිටියේ රුසියාව විසින් මෙම වසරේදී පැවැත්වීමට නියමිත විශාලතම වෙළෙඳ ප්රදර්ශනය වන INNOPROM වෙළෙඳ ප්රදර්ශනය සඳහා, වෙළෙඳ අමාත්යවරයාටද ආරාධනයක් ආරාධනා කරන බවයි. මෙම ප්රදර්ශනය තුළින් ,

🔺 නූතන තාක්ෂණය

🔺 සුහුරු තාක්ෂණය

🔺 වෙළෙඳ කටයුතු සඳහා තාක්ෂණය යනාදී අංශ ආවරණය වන බව ද ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම මොස්කව් නූතන තාක්ෂණ විද්යාලය සම්බන්ධ කරගනිමින් ශ්රී ලංකාවේ සිසුන්ට නූතන තාක්ෂණය පිළිබඳ හැදෑරීමේ අවස්ථාව සලසා දීමට හැකි බවත්, මෙම නූතන තාක්ෂණ විද්යාලයේ ක්රියාවලිය හා සුහුරු පාසල් සංස්කෘතිය පිළිබඳව අවශ්ය මඟපෙන්වීම ලබා දීමටත් හැකියාව පවතින බව ද ඒ මහතා සඳහන් කරන ලදී. රාජ්යතාන්ත්රික මිත්රත්වය මත රටක් ශක්තිමත් ලෙස ඉදිරියට ගෙනයා හැක.

ඒ සඳහා මෙවැනි දැවැන්ත රාජ්යයන් සමඟ සහයෝගීව කටයුතු කිරීමෙන් ප්රථිපල රාශියක් ලබා ගත හැක. ඒ එක් අවස්ථාවක් ලෙස ඉහත සාකච්ඡාව ගත හැක.

සහයෝගිතාවය රටක සංවර්ධනයට මඟ පාදයි 🇷🇺 🇱🇰

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්