Oct
26

උදේ මහපාරේ වැඩ දැමූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිපති රන්මල් කොඩිතුවක්කුට ස්ථාන මාරුවක්

 
1678 Views
   
 

අද උදෑසන බීමතින් සිවිල් පුද්ගලයකුට පහර දුන් බවට චෝදනා එල්ල වූ සබරගමු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් වෛද්‍ය හා සුබසාධන ඒකකයට මාරුකර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා රත්නපුර කිරිඇල්ල මාර්ගයේදී මෙම සිවිල් පුද්ගලයාට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය වුණා.

මේ සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූවගෙන් සිදුකල විමසීමකදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ අපකීර්තිමත් හැසිරීම කිසිසේත් අනුමත නොකරන බවයි.

මෙම සිද්ධියට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මෑතකදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්වීම් ලැබූවෙක්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්